ප්‍රේමලාල් විජේරත්න
මාවතගම සහ වත්තේගම ප්‍රදේශවලදී ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු සහ නගරාධිපතිවරයෙකු තරුණයන් දෙදෙනෙකුට පහරදී තුවාල කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
මාවතගම ප්‍රදේශයේදී 28 හැවිරිදි තරුණයෙකුට පහරදීමේ සිද්ධියට අදාලව මාවතගම ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් පෙරේරා මහතා ඇතුල් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධියට මැදිවූ තරුණයා කුරුනෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය.
මේ අතර වත්තේගම ප්‍රදේශයේදී සුළු පලතුරු ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රදීප් යසවර්ධන නමැති තරුණයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට සොයන වත්තේගම නගරාධිපති ක්‍රිශාන්ත ලියනගේ මහතා පදිංචි නිවාස වසා ප්‍රදේශය මගහැර ගොස් ඇති බව වත්තේගම පොලිසිය පැවසීය.
එම පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසුවේ ඔහු සෙවීමට ගත උත්සාහය මෙතෙක් සාර්ථක වී නැති බවයි.