තම නිවසේ නවතාගෙන සිටි 17 හැවිරිදි පාසල් දැරියක කොළෙසීමට තම සැමියාට ඉඩදුන් බව කියන රත්මලානේ ගුරුවරියක ද ඇගේ සැමියා ද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය විසින් ලබන තුන්වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ආර්.බී. නිලන්ත රත්නායක සහා එම්.එම්.ජී. ජිවනී ප්‍රියදර්ශිකා එසේ රිමාන්ඩ් කළ දෙදෙනා වෙති. ගිරාඳුරුකෝට්ටේ පදිංචිකාරියක වන දැරිය දෙමාපියන් හෝ බාරකරුවකු ඉදිරිපත් වනතුරු ගලවා ගැනීමේ හමුදා බාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයි නියෝග කළාය.
