
අපගේ නව විශේෂාංගය
reshcinema
රේෂ්සිනමා
අධ්‍යක්ෂණය - කබීර් ඛාන්
නිෂ්පාදනය - ආදිත්‍ය චොප්රා
තිර රචනය - කබීර් ඛාන්, නීලේෂ් මිස්‍රා
කතාව - ආදිත්‍ය චොප්රා
සංගීතය - සොහේල් සෙන්
සංස්කරණය - රාමේෂ්වර් එස්. භගත්
සිනමාත්මක ඡායාරූපකරණය - අසීම් මිශ්‍රා
කැමරාකරණය - ඩැරල් මර්ෆි
ඇඳුම් නිර්මාණය- අරුන් චෞහාන්
2012 වසරේ අගොස්තු මාසයේ දී තිරගතවීම ආරම්භවීමට නියමිත නවතම බොලිවුඩ් සිනමා නිර්මාණයක් වන "එක් තා ටයිගර්" ක්‍රියාදාම චිත්‍රපටය සඳහා සුපිරි නළු සල්මන් ඛාන් හා කට්රිනා කයිෆ් ප්‍රධාන රංගන දායකත්වය සපයයි. 2006 වසරේ තිරගත වූ "කාබුල් එක්ස්ප්‍රස්" හා 2009 වසරේ තිරගත වූ "නිව් යොර්ක්" චිත්‍රපටවලින් පසුව "යෂ් රාජ් ෆිල්ම්ස්" සමග එක්ව කබීර් ඛාන් ඉදිරිපත් කරන තෙවන සිනමා නිර්මාණය මෙය වේ. අමෙරිකානු ඩොලර් මිලියන 23 . 34 ක පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද "එක් තා ටයිගර්" චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු ආරම්භ කර ඇත්තේ 2011 වසරේ අගෝස්තු 10 වන දිනය. අයර්ලන්තය, තුර්කිය, කියුබාව, ඉරාකය හා ඉන්දියාව ඇතුළු රටවල් 10 ක මෙම චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සිදුකර තිබේ. මිසයිල තාක්ෂණික රහස් පකිස්ථානයට අලෙවිකරන බවට සැකකෙරෙන විද්‍යාඥයකු වටා "එක් තා ටයිගර්" චිත්‍රපටයේ කතා පුවත ගොඩනැගී ඇත. මෙම විද්‍යාඥයාගේ ක්‍රියාකාරකම් පිළිබඳව විමසා බැලීම සදහා ඉන්දීය රජය විසින් "ටයිගර්" යන කේත නාමයෙන් හැඳින්වෙන රහස් නියෝජිතයෙකු(සල්මන් ඛාන්) යොදවනු ලබයි. නර්තන විද්‍යායතනයක අධ්‍යාපනය ලබන මෙම මහාචාර්යවරයා රැකබලාගනු ලබන සෝයා(කට්රිනා කයිෆ්) සමග ටයිගර් ප්‍රේමයෙන් බැඳෙයි. පසුව මෙම දෙදෙනා එක්ව ඔවුන් දෙදෙනාව ඩුබ්ලින් සිට ඉස්තාන්බුල් දක්වාත්, පසුව කසකස්ථාන් සිට චිලී දක්වාත් රැගෙන යන චාරිකාවක් ආරම්භ කරයි.
