
උපතිස්ස පෙරේරා උසස් පෙළ සිසු-සිසුවියන්ගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගත වී ඇති අර්බුධයට විසඳුම් ලබාදීම සඳහා වහාම අදාල කාරක සභා දෙක කැඳවිය යුතු බවත්,ඊට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අසාධාරණයට ලක්ව ඇති සිසු සිසුවියන් සහ මව්පියන් අදාළ බලධාරීන් කැඳවා අදහස් ලබාගෙන සංවර්ධන සැලැස්මක් සකස් කල යුතු බවත් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අසාධාරණයට ලක්ව ඇති පැරණි සහ නිර්දේශවලට පෙනී සිටි සියලුම සිසු සිසුවියන්ට සාධාරණය ඉටුකළ යුතු බවත් එහෙන් මෙහෙන් තල්ලුකර ඇඟ බෙර ගැනීමේ කටයුතු තවදුරටත් සිදුකර දරුවන් කබලෙන් ළිපට දැමීමේ පිළිවෙතක් යලි අනුගමනය නොකළ යුතු බවත් අවධාරණය කල වික්‍රමසිංහ මහතා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය නව ගොඩනැඟිලි ඉදිකර අවශ්‍ය උපකරණ හා පහසුකම් ඔවුන්ට ලබාදිය යුතු බවත් සඳහන් කරයි.