ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවති 5 වන හෙවත් අවසන් එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය අතහැර දැමිණි. සූරියවැව ක්‍රීඩාංගණයේ පැවති මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කළේය.
එහිදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමඟ තරඟය අතහැර දැමීමට තීරණය කෙරිණි.
ඒ අනුව තරඟාවලියේ ජය 3 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
