සනත් ජයසූරිය ඊයේ තෙවන වරටත් විවාහ වුනා. නමුත් සනත් ජයසූරිය විසින් එය මාධ්‍යයෙන් වසන් කරගැනීම සඳහා අද දින පුවත් පතකට පවසා තිබෙන්නේ මෙම විවාහයක් නොව එය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමණක් බවත්ය.
සනත්ගේ පළමු බිරිඳ එයාර් ලංකා සමාගමේ ග‍්‍රවුන්ඞ් හැඬලින් නිලධාරිනියකි. දෙවන බිරිඳ සැන්ඩ‍්‍රා එයාර් ලංකා ගුවන් සේවිකාවකි. තුන්වන බිරිඳත් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකි.
ඇය නමින් මලීකා සිරිසේනයි. සුපර් සික්ස් චිත්‍රපටයේ "ප්‍රියා" ගේ චරිතය රඟපෑවේ ඇයයි. මලීකාට සුපර් සික්ස් වල රඟපෑමේ අවස්තාව ලැබී තිබෙන්නේද සනත් ජයසූරියගේ මාර්ගයෙනි. ඇය වයස අවුරුදු 28ක තරුණියකි. සනත් ජයසූරිය 43 වන වියෙහි පසුවේ.
ඇගේ ගම දෙහිවල ය. දෙහිවල ප්‍රෙස්‌බිටීරියන් කාන්තා විදුහලෙන් අධ්‍යාපනය ලබා තිබුණි. උපන්දිනය 1984 නොවැම්බර් 16 ය.
මලීකා- සනත් පෙමට පටන් ගත්තේ මීට මාස 6කට පමණ පෙරයි. ඇය ගුවන් සේවිකාවක් වී තිබුනේ මීට වසර 7 කට පෙරයි. යුද්ධය නිමාවී ජනාධිපතිවරයා ලංකාවට් පැමිණ බිම සිපගත් දිනයේ එම ගුවන්යානයේද එදින ඇය ගුවන් සේවිකාවක් ලෙස පැමිණ තිබේ.
ඇගේ නම "මල්ලිකා" සිරිසේන වන නමුත් ඇය "මලීකා" ලෙස නම භාවිතා කරයි.
මීට පෙර මලීකා විසින් පුවත් පතකට පවසා තිබුනේ "මට ආදරය කරන්න කෙනෙක් ඉන්නවා. එයා මාව හොඳින් තෙරුම් ගත්ත කෙනෙක්. අපි දෙන්නා ලබන අවුරුද්දේ විවාහ වෙනවා. ඊට පස්සේ මම රැකියාවෙන් අයින් වෙනවා" යනුවෙනි
සනත් ජයසූරියට දෙවන විවාහයේ සැන්ඩ්‍රා සමඟ දරුවන් තුන් දෙනෙක් සිටී. කෙසේ වෙතත් මලීකා මුනගැසීමෙන් පසු සනත් සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට නඩු පවරනු ලැබීය. නමුත් මේ වන විට ත් එම නඩුව අවසන් වී නොමැත.
සනත්ගේ තෙවන විවාහයේ ලියාපදිංචිය ඊයේ සිදුවුනේ ගල්කිස්ස වලේ පන්සලේ ය. අනතුරුව ගල්කිස්ස හෝටලයේදී සීමිත පිරිසකට බෝජන සංග්‍රහයක් පැවැත්වුයේ මාධ්‍ය වලින් වසන් කරමිනි.
මෙම රහස හෙලිවීම වලක්වාගැනීමට ජයසූරිය උත්සාහ දැරුවේ මෙය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමනක් බව ප්‍රකාශ කිරීමෙනි.
සනත් දැනට බොරලෙස්ගමුව වැව පාරේ පිහිටි නිවසේ වාසය කරන අතර සැන්ඩ්‍රා දරුවන් තිදෙනා සමග තනිවම තිබිරිගස් යායේ වාසය කරයි.
මෙම පුවත මාධ්‍ය මගින් වාර්තා වීම වැලැක්වීම සදහා මෙම පුවත පල නොකරන ලෙස සනත් පෞද්ගලිකව දුරකථන මාර්ගයෙන් මාධ්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.
මලීකා-සනත් විවාහයේ ජායාරූප පහතින්.
-->



