Update 11/09/2012 20:55 PM
වැලිකඩ ගැටුමෙන් 10ක් මරුට
වැලිකඩ ගැටුමෙන් සිරකරුවන් 10ක් මිය යයි, තුවාලකරුවන් 30 පනී..
විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර රැඳවියන්ගේ අතර සිදුවූ ගැටුමෙන් සිරකරුවන් 10 දෙනෙක් මිය ගොස් තිබේ.
එම සිරුරු 10 කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි.
මේ වන විට තුවාල ලැබූ ගණන තිහක් ඉක්මවා ඇත.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 20:17 PM
වැලිකඩ යළිත් වෙඩි පත්තුවේ.
මද විරාමයකින් පසුව අද රාත්‍රී 8.15 ට පමණ යළිත් වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි හුවමාරුව ඇරඹුණු බව එහි සිටින මාධ්‍යෙව්දීහු කියති. වෙඩි හුවමාරුව ඇරඹුණේ පැය දෙකහමාරකට පමණ කලිනි. ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් තත්වයට මුහුණදෙන බව දැනගන්නට ඇත.

Update 11/09/2012 20:00 PM
වැලිකඩට යුද ටැංකිත් ගෙන එයි හමුදාවේ 2000ක් වැලිකඩ වට කරති
වැලිකඩ කැරැල්ල මැඩ පැවැත්වීමට යුද ටැංකි ද මින් මද වේලාවකට කලින් එහි ළඟා විය. හමුදා සන්නද්ධ භටයෝ 2000ක් පමණ හිරගෙදර අවට රඳවනු ලැබ සිටිති. බන්ධනාගාරය ඇතුළේ තුවාලකරුවන් හෝ බරපතල තුවාල ලබූවන් සිටිය හැකි බව වාර්තා වෙයි.

Update 11/09/2012 19:59 PM
වැලිකඩ සිරගෙදර සිරකරුවන් පිරිසක් මරුට?
වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාරයෙන් පැන ත්‍රීවීල් රථයකින් පැන යන්නට සැරසුන රැඳවියන් 07 දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. බන්ධනාගාරය ඇතුළත වෙඩි වැදුන තිදෙනෙක් බරපතල තත්වයෙන් වැටී සිටින බවත් ඊට අමතරව වෙඩි වැදුන තවත් දස දෙනකු පමණ බන්ධනාගාරය තුළ තැනින් තැන වැටී ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග පවසයි.මේ වනවිටත් නොකඩවා කඳුළු ගෑස් ප්‍රහාර බන්ධනාගාරය තුළට එල්ල වෙමින් තිබේ. බන්ධනාගාරයේ විදුලිය විසංධි කර ජල සැපයුමද අත්හිටුවා ඇත. එබැවින් ඇතුළත සිටින රැඳවියන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන බවත් වාර්ථා වේ.
---------------------------------------------------------------------------------
Update 11/09/2012 19:40 PM
සිරකරුවන් තුවක්කු අතට ගෙන වෙඩි තබයි.
සිරකරු ප‍්‍රහාරයෙන් STF ලොක්කාත් රෝහලේ
එස්.ටී.එෆ්. අණ දෙන නිලධාරියාටත් වෙඩි වදි
පැයකට ආසන්න කාලයක් බන්ධනාගාර සැකකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු වන බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන හා ප්‍රධාන පොලිස් පරික්ෂක දිමුතු සමරනායක මහත්වරුන් මින් මද වේලාවකට පෙර වෙඩි වැදි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඒ සිද්ධියෙන් පසුව ද වෙඩි ප්‍රහාර නතර වී නැත. සිරකරුවන් බේස්ලයින් පාර දෙසට අඩුම ගණනේ වෙඩි ප්‍රහාර 200ක තබන්නට ඇතැයි ආරක්ෂක අංශ කියයි. අවිගබඩාව කඩා වහලට ගෙන ගිය අවි වලින් වැඩිහරියක් වෙඩි තැබීමට නොහැකි ඒවා බව ද දැනගන්නට ඇත.

Update 11/09/2012 19:45 PM
වැලිකඩට යුද හමුදාව කැඳවයි
බන්ධනාගාරයේ අංශයක් සිරකරුවන් අතේ
බන්ධනාගාර කැරැල්ල මැඩීමට මින් මද වේලාවකට කලින් යුද හමුදාව කැඳ වීය. බන්ධනාගාරයේ කොටසක පාලනය සිරකරුවන් විසින් අල්ලා ගන්නා ලදැයි වාර්තා වෙයි.

Update 11/09/2012 19:15 PM
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමක්: 13ක් ජාතික රෝහලට..මාධ්‍යවේදියකුත් ඒ අතර
වැලිකඩ බන්ධනාගාරයේ හටගෙන තිබෙන නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබු 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ මහතා පැවසුවේ තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂකාර්ය බලකායේ භටයින් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකු සිටින බවය.
තුවාල ලැබූවන් අතර සිරකරුවන් දෙදෙනෙකු වන අතර සෙසු පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් වන බව ඔහු සඳහන් කළේය.
හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා පැවසූවේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවය.

Update 11/09/2012 18:45 PM
වැලිකඩ නොසන්සුන්වීමෙන් බේස්ලයින් පාරේ පැත්තක් වසාදැමෙයි
වැලිකඩ බන්ධනාගාරය අභ්‍යන්තරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බේස්ලයින් පාරේ දෙමටගොඩ සිට බොරැල්ල දක්වා එක් මං තීරුවක් වසාදමා තිබේ.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට සහය වනු පිණිස යුද හමුදානව කැඳවා ඇති බව කියැවෙයි.
වැලිකඩ බන්ධනාගාරය තුළ විවිධ ජාවාරම් සිදුවන බවට තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පස්වරුවේ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය උද්ගත විය.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 18:30 PM
රැඳවියෝ ගබඩාව කඩා අවි ගනිති, වැලිකඩ වෙඩි වර්ෂාවක්
වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරිණු රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා ගිනි අවි පැහැරගෙන තිබේ. බන්ධනාගාරය දෙසින් මේ වන විට වෙඩි වර්ෂාවක් එල්ලවන ශබ්දය ඇසෙමින් තිබේ.

Update 11/09/2012 17:42 PM
වැලිකඩට කඳුළු ගෑස්.. රැඳවියන් ගල් ගසයි.. මාර්ග අවහිරයි
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල තර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එහි හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර එහිදී රැඳවියන් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙහිදී රැඳවියන් විසින් සෙබළුන් දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මේ තත්වය හේතුවෙන් බොරැල්ල ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 17:16 PM
වැලිකඩට STF පනී
විශේෂ පරීක්‍ෂාවක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පිරිසක් ඇතුළු වී තිබේ.
රැදවියන් අතර පවතින නීති විරෝධී උපකරණ ආයුධ ජංගම දුරකථන සහ මත් කුඩු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙවැනි මෙහෙයුමක් අරඹා ඇතැයි සඳහන්ය.
සෙබළුන්ට අමතරව බෝම්බ සොයන උපකරණ සහ පොලිස් නිල සුනඛයන්ද මෙම මෙහෙයුමට යොදාගෙන ඇත.
වැලිකඩ ගැටුමෙන් සිරකරුවන් 10ක් මිය යයි, තුවාලකරුවන් 30 පනී..
විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර රැඳවියන්ගේ අතර සිදුවූ ගැටුමෙන් සිරකරුවන් 10 දෙනෙක් මිය ගොස් තිබේ.
එම සිරුරු 10 කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව රෝහල් ආරංචි මාර්ග සනාථ කරයි.
මේ වන විට තුවාල ලැබූ ගණන තිහක් ඉක්මවා ඇත.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 20:17 PM
වැලිකඩ යළිත් වෙඩි පත්තුවේ.
මද විරාමයකින් පසුව අද රාත්‍රී 8.15 ට පමණ යළිත් වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි හුවමාරුව ඇරඹුණු බව එහි සිටින මාධ්‍යෙව්දීහු කියති. වෙඩි හුවමාරුව ඇරඹුණේ පැය දෙකහමාරකට පමණ කලිනි. ආරක්ෂක අංශ ඉතා සංයමයෙන් තත්වයට මුහුණදෙන බව දැනගන්නට ඇත.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 20:00 PM
වැලිකඩට යුද ටැංකිත් ගෙන එයි හමුදාවේ 2000ක් වැලිකඩ වට කරති
වැලිකඩ කැරැල්ල මැඩ පැවැත්වීමට යුද ටැංකි ද මින් මද වේලාවකට කලින් එහි ළඟා විය. හමුදා සන්නද්ධ භටයෝ 2000ක් පමණ හිරගෙදර අවට රඳවනු ලැබ සිටිති. බන්ධනාගාරය ඇතුළේ තුවාලකරුවන් හෝ බරපතල තුවාල ලබූවන් සිටිය හැකි බව වාර්තා වෙයි.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 19:59 PM
වැලිකඩ සිරගෙදර සිරකරුවන් පිරිසක් මරුට?
වෙඩි ප්‍රහාර , කඳුළු ගෑස් මැද්දේ වැලිකඩ බන්ධනාගාරයෙන් පැන යන්නට තැත් කළ සිරකරුවන් පිරිසකට ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඇත. මෙම වෙඩි ප්‍රහාරවලින් කිහිප දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.
බන්ධනාගාරයෙන් පැන ත්‍රීවීල් රථයකින් පැන යන්නට සැරසුන රැඳවියන් 07 දෙනෙකුට වෙඩි ප්‍රහාර එල්ල වී ඇත. බන්ධනාගාරය ඇතුළත වෙඩි වැදුන තිදෙනෙක් බරපතල තත්වයෙන් වැටී සිටින බවත් ඊට අමතරව වෙඩි වැදුන තවත් දස දෙනකු පමණ බන්ධනාගාරය තුළ තැනින් තැන වැටී ඇති බවත් නිල නොලත් ආරංචි මාර්ග පවසයි.මේ වනවිටත් නොකඩවා කඳුළු ගෑස් ප්‍රහාර බන්ධනාගාරය තුළට එල්ල වෙමින් තිබේ. බන්ධනාගාරයේ විදුලිය විසංධි කර ජල සැපයුමද අත්හිටුවා ඇත. එබැවින් ඇතුළත සිටින රැඳවියන්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන බවත් වාර්ථා වේ.
---------------------------------------------------------------------------------
Update 11/09/2012 19:40 PM
සිරකරුවන් තුවක්කු අතට ගෙන වෙඩි තබයි.
සිරකරු ප‍්‍රහාරයෙන් STF ලොක්කාත් රෝහලේ
එස්.ටී.එෆ්. අණ දෙන නිලධාරියාටත් වෙඩි වදි
පැයකට ආසන්න කාලයක් බන්ධනාගාර සැකකරුවන් හා ආරක්ෂක අංශ අතර වෙඩි හුවමාරු වන බවත් පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ආර්.ඩබ්ලිව්.එම්.සී. රණවන හා ප්‍රධාන පොලිස් පරික්ෂක දිමුතු සමරනායක මහත්වරුන් මින් මද වේලාවකට පෙර වෙඩි වැදි තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. ඒ සිද්ධියෙන් පසුව ද වෙඩි ප්‍රහාර නතර වී නැත. සිරකරුවන් බේස්ලයින් පාර දෙසට අඩුම ගණනේ වෙඩි ප්‍රහාර 200ක තබන්නට ඇතැයි ආරක්ෂක අංශ කියයි. අවිගබඩාව කඩා වහලට ගෙන ගිය අවි වලින් වැඩිහරියක් වෙඩි තැබීමට නොහැකි ඒවා බව ද දැනගන්නට ඇත.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 19:45 PM
වැලිකඩට යුද හමුදාව කැඳවයි
බන්ධනාගාරයේ අංශයක් සිරකරුවන් අතේ
බන්ධනාගාර කැරැල්ල මැඩීමට මින් මද වේලාවකට කලින් යුද හමුදාව කැඳ වීය. බන්ධනාගාරයේ කොටසක පාලනය සිරකරුවන් විසින් අල්ලා ගන්නා ලදැයි වාර්තා වෙයි.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 19:15 PM
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමක්: 13ක් ජාතික රෝහලට..මාධ්‍යවේදියකුත් ඒ අතර
වැලිකඩ බන්ධනාගාරයේ හටගෙන තිබෙන නොසන්සුන් තත්ත්වයෙන් තුවාල ලැබු 13 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර තිබේ.
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ මහතා පැවසුවේ තුවාල ලැබූවන් අතර පොලිස් විශේෂකාර්ය බලකායේ භටයින් දෙදෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකු සිටින බවය.
තුවාල ලැබූවන් අතර සිරකරුවන් දෙදෙනෙකු වන අතර සෙසු පිරිස පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් වන බව ඔහු සඳහන් කළේය.
හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂවරයා පැවසූවේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවය.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 18:45 PM
වැලිකඩ නොසන්සුන්වීමෙන් බේස්ලයින් පාරේ පැත්තක් වසාදැමෙයි
වැලිකඩ බන්ධනාගාරය අභ්‍යන්තරයේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් බේස්ලයින් පාරේ දෙමටගොඩ සිට බොරැල්ල දක්වා එක් මං තීරුවක් වසාදමා තිබේ.තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට සහය වනු පිණිස යුද හමුදානව කැඳවා ඇති බව කියැවෙයි.
වැලිකඩ බන්ධනාගාරය තුළ විවිධ ජාවාරම් සිදුවන බවට තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද පස්වරුවේ සෝදිසි මෙහෙයුමක් දියත් කිරීමත් සමග මෙම නොසන්සුන්කාරී තත්ත්වය උද්ගත විය.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 18:30 PM
රැඳවියෝ ගබඩාව කඩා අවි ගනිති, වැලිකඩ වෙඩි වර්ෂාවක්
වැලිකඩ බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරිණු රැඳවියන් බන්ධනාගාරයේ අවි ගබඩාව කඩා ගිනි අවි පැහැරගෙන තිබේ. බන්ධනාගාරය දෙසින් මේ වන විට වෙඩි වර්ෂාවක් එල්ලවන ශබ්දය ඇසෙමින් තිබේ.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 17:42 PM
වැලිකඩට කඳුළු ගෑස්.. රැඳවියන් ගල් ගසයි.. මාර්ග අවහිරයි
වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල තර තිබේ.පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එහි හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබූ අතර එහිදී රැඳවියන් නොසන්සුන් ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් පාලනය කිරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙහිදී රැඳවියන් විසින් සෙබළුන් දෙසට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත.
මේ තත්වය හේතුවෙන් බොරැල්ල ප‍්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
----------------------------------------------------------------------------------
Update 11/09/2012 17:16 PM
වැලිකඩට STF පනී
විශේෂ පරීක්‍ෂාවක් සඳහා වැලිකඩ බන්ධනාගාරයට පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් පිරිසක් ඇතුළු වී තිබේ.රැදවියන් අතර පවතින නීති විරෝධී උපකරණ ආයුධ ජංගම දුරකථන සහ මත් කුඩු සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය මෙවැනි මෙහෙයුමක් අරඹා ඇතැයි සඳහන්ය.