Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


අම්ම ඉන්දියාවේ..තත්තා ඉරානයේ...ගියේ ඉන්ටර්නැෂනල් ඉස්කොලෙකට....

එත් ඇයගේ නම විතරයි ඇත්ත..නයි නලගන කියූ බොරු මාට්ටු

මහනුවර දේවාලයේ එහෙම නයෙක් ඉඳලා නැතිලූ

නාගයා මිලදී ගෙන ඇත්තේ රුපියල් 20000 ට

පසුගියදා කොල්ලුපිටිය ක්ලියෝපැට්රා හෝටලයේදී  නාගයකු සමග සිටියදී අත්අඩංගුවට පත් නයි නළඟන හෙවත් නිරෝෂා විමලරත්න පිලිබදව මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා...
තමන් ඉන්දියාවෙ උපන් අයකු බවත් පියා ඉරාන ජාතිකයෙකු බවත් ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක බවත් නයා දොඩන්වල දේවාලයෙන් ලබාගත් බවත් කියමින් නිරෝෂා විමලරත්න හෙවත් නයි නලගන මෙතෙක් කල් ජනමාධ්‍ය
නොමග යවමින් ප්‍රසිද්ධියක් ලබාගත් බව මේ වනවිට හෙළිදරව්වී තිඛෙනවා.

කෙසේ වෙතත් ඇය විසින් තමා පිලිබදව නොයෙකුත් විස්තර මාධ්‍යට පවසා තිබුණු අතර පසුව හෙළිවී ඇත්තේ ඇයගේ නම ඇරෙන්නට ඇය විසින් මාධ්‍යට පවසා තිබු සියලු තොරතුරු අසත්‍ය බවය...

ඇය මහනුවර දන්තුරේ දිළිඳු පවුලක ඉපදී පියා බේබද්දෙකුව සිට නිවසින් ගිය පසු මවද පිටරටකට ඇය හැරදා ගිය පසු තමා යටතේ කුඩා ලෑලි ගෙදරක හැදී වැඩුණු බව ඇගේ සීයා විසින් ප්‍රකාශ කරනවා. මාධ්‍ය අමතමින් ඉන්දියාවේ මවක් ගැන හා ඉරාන පියෙක් ගැන ඇය පවසන කරුණුත් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගත් බව හා දේවාලයකින් ලබාගත් නයි පැටවෙකු ගැන කියන කරුණුත් මුළුමණින්ම ඇය ගෙතූ කතා බව ඇය වාසය කළ ප්‍රදේශයේ පිරිස් හා ඇගේ සීයා විසින් තහවුරු කර ප්‍රකාශ කරනවා.

ඇය නයා ලබාගත් බව කියන දොඩන්වල දේවාලයේ එවැනි නයෙකු සිට නැති බවද ඇයව නාඳුනන බවද එහි ප්‍රධාන කපු මහතා ප්‍රකාශ කරනවා. ප්‍රදේශවාසීන් කියන්නේ එවැනි නයෙක් සොයාගන්නට ඒ ප්‍රදේශයෙන් පහසුවෙන් හැකි බවයි.
ඇයගේ සීයා පවසන්නේ කොළඹ සමාජ ශාලාවේ රැකියාවක් ලබාගැනීමට ඇය මේ කතා ගොතාගෙන කොළඹට ආ බවත් ඇයගේ වැරදි හැසිරීම් යළි නිවසට වැද්ද නොගන්නට තීරණය කර ඇයව ගමෙන් පන්නා දමා ඇති බවත්ය.

රාත්‍රී සමාජ ශාලාවේදී ඇය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමග නයෙකු සමග සිටින නලගනකගේ ඇති විශේෂත්වය මත ඇය ගැන විවිධ තොරතුරු මෙතෙක් කල් මාධ්‍යවල පළවූ නමුත් ඒ සියල්ල ඇය ලබාදුන් තෙරතුරු මිස හරිහැටි සොයා බලා පළකරන ලද ඒවා නොවන බවද වාර්තා වනවා.

ඇය සේවය කළ ජිනා මැඩම්ගේ පුතුගේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවටද මේ මගින් අනියම් ප්‍රචාරයක් ලැඛෙන නිසා ඇයගේ නඩු හබ වලටද ඔවුන් වියදම් කර තිබූ අතර ඈ ගැන වැඩිපුර තොරතුරු මාධ්‍යවල පළකරන්නටද නොපැකිළව ඔවුන් අවසර ලබාදී තිබුණා.

නයි නලගන කී බොරු ගැන මේ හෙළිදරව්වත් සමග  අද  ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් සහ හිරු ට්වී එය ප්‍රචාරය කළ අයුරු පහතින්

Hiru TV News



Live@8 News


Ada Derana 

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su