ඒ පිළිබඳ ලැබුණු පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ඊයේ (15) දහවල් පැවති "විද්‍යාව පළමු කොටස" ප්‍රශ්න පත්‍රයේ තිබු ප්‍රශ්න රැසක් අදාළ ගුරුවරයා විසින් අනුමාන ප්‍රශ්න පත්‍රයක් හරහා විභාගයට පෙර සාකච්ඡා කර ඇති බව කරුණු අනාවරණය වී ඇත.
මීට අමතරව ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී විභාග අපේක්ෂකයෙකු වෙනුවට තවත් අයෙකු පෙනී සිටීමේ අවස්ථාවක් ඇතුළු පැමිණිලි 15ක් ලැබී තිබේ.
සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවිය හැකි වංචා වැළැක්වීම සඳහා දිවයින පුරා අධීක්ෂණ කණ්ඩායම් යොදවා ඇති බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.
මේ හෙළිදරව්වත් සමග අද ස්වර්ණවාහිනී Live@12 එය ප්‍රචාරය කළ අයුරු පහතින්
මේ හෙළිදරව්වත් සමග ස්වර්ණවාහිනී ලයිව් ඇට් එයිට් එය ප්‍රචාරය කළ අයුරු පහතින්
