Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


කළම්බො නයිට් රේස් නිසා පාරවල් වැහෙන්නේ මෙහෙමයි!

දේශීය ධාවන තරගකරුවන්ට ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනාවරණය වීම හා දේශීය ධාවන තරගාවලියක් ජාත්‍යන්තර මට්ටමෙන් පැවැත්වීම අරමුණු කර ගනිමින් දෙවැනි වරටත් පැවැත්වෙන ‘කළම්බු නයිට් රේස් 15දා පස්වරු 7.00ට ඇරඹීමට නියමිත අතර හෙට සවස පෙරහුරු තරග පැවැත්වෙයි.

මෙවර වැඩිදෙනකුගේ අවධානය යොමුවූ GT3, GT4 ඉසව් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සුපිරි ධාවන ඩිලන්ත මාලගමුව හා මැලේසියාවේ ජැකී යොවුන්ග් ලැම්බොගිනි ගැලඩෝ GT3 මෝටර් රථවලින් තරග වැදීම කැපී පෙනෙන්ට වෙයි.
මෝටර් රථ ඉසව් 5ක් හා යතුරුපැදි ඉසව් තුනකින් සමන්විත කළම්බු
නයිට් රේස් 15 වැනි සෙනසුරාදා රාතී‍්‍ර 7.00ට ඇරඹීමට නියමිත වෙයි.

මෙම ධාවන පථය කොළඹ කොටුව, ගාලූ මුවදොර ප‍්‍රධාන මාර්ගය ආශී‍්‍රතව කිලෝ මීටර් 4ක ධාවන පථයකින් සමන්විත වේ. Gt3 හා Gt4 ඉසව්ව හා පොලො ඉසව්ව සඳහා ධාවන තරග දෙක බැගින් පැවැත්වීමට නියමිත වේ.

යතුරුපැදි ඉසව් අතර විවෘත, රේසින් හා විවෘත සුපර් මෝටර් ඉසව් තුන පැවැත්වීමට නියමිත වෙයි.

මේ හේතුවෙන් අදාල මාර්ග පස්වරු 6 සිට 14-15 දෙදින තුල චෛත්‍ය පාර වරාය දොරටුව අසළින් ජනාධිපති මාවත, බැංකු මාවත හන්දියෙන් ඛාන් ඔරලෝසු කණුව වටරවුම, රීගල් වටරවුම, සීනෝර් හන්දිය, ගාලුමෝදර වටරවුම මෙලෙස වසා දමන බව පොලීසිය සඳහන් කරයි.

මීට අමතරව අදාළ දිනයන් හිදී ජස්ටිස් අක්බාර් මාවත, මැලේ වීදිය හන්දිය, ගාමිණි වටරවුම සහ කොල්ලුපිටිය හන්දිය බරවාහන සඳහා වසා දැමීමට නියමිතය.

ඉහත මාර්ග වසා දැමෙන කාලය තුළදී විකල්ප මාර්ග‍ ලෙස පහත දැක්වෙන මාර්ග භාවිතා කළ හැකි බව පොලීසිය පවසයි.

ගාලුපාර ඔස්සේ කොළඹට ඇතුළුවන බස් රථ සහ සැහැල්ලු වාහන සඳහා…

ගාලුපාර කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවතට හරවා පිත්තල හන්දිය, ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදිය හන්දිය, ජස්ටිස් අක්බාර් මාවත, මැලේ වීදිය, ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, රීගල් වටරවුම, ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණි වටරවුම, මරදාන පාලම හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොළඹට ඇතුළුවිය හැකිය‍

ගාලුපාර ඔස්සේ කොළඹට ඇතුළුවන ලොරි රථ සඳහා…

ගාලුපාර කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවතට හරවා ධමර්මපාල මාවත ඔස්සේ ලිප්ටන් වටරවුම, සොයිසා වටරවුම, ඩීන්ස් පාර මරදාන පාලම හන්දිය ටෙක්නිකල් හන්දිය හරහා කොළඹට ඇතුළුවිය හැකිය.

පිටකොටුවේ සිට කොළඹින් පිටවන වාහන බස් රථ සඳහා…

ඕල්කට් මාවත සීනෝර් හන්දිය අසළින් ආපසු හරවා බෝගම හන්දිය, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩී.ආර්. විජේවර්ධන මාවත, රීගල් වටරවුම, චිත්තම්පලම් ඒ ගාඩ්නර් මාවත, කොම්පඤ්ඤවීදිය හන්දිය හරහා යුනියන් පෙදෙසින් හෝ ජේම්ස් පීරිස් මාවතින් පිටවිය හැකිය.

පිටකොටුවේ සිට කොළඹින් පිටවන අනෙකුත් වාහන සඳහා…

ඕල්කට් මාවත සීනෝර් හන්දිය අසළින් ආපසු හරවා බෝගහ හන්දිය, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ගාමිණි වටරවුම, ඩාලි පාර ඔස්සේ පිටවිය හැකිය.

එසේම රෙක්ල‍මේෂන් පාර ඔස්සේ කොළඹට පැමිණෙන වාහන ඛාන් ‍ඔර‍ලෝසු කණුව වරටවුමෙන් ආපසු හරවා ප්‍රධාන වීදිය, ගෑස්පහ යන්දිය, බෝධිරාජ මාවත, අඩි 100 පාර, සෝන්ඩර්ස් පෙදෙස ඔස්සේ ‍ඕල්කට් මාවතට පිවිසිය හැකිය.

Hiru TV News





__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su