Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


නෑ... මං දන්නෙ නෑ කියමින් සිටි සැකකරු මිනීමැරුම් හෙළි කර ඇත්තේ පොලිසිය කෙල්ලගේ Love SMS කියවන්න පටන් ගත් විටලූ...

රිමාන්ඩ් රැඳවියන් විසින් ඝාතකයාට අසුචි කවමින් පහර දීලා..

රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ නිවෙසක තරුණ ගුරුවරියක හා ඇගේ දරු දෙදෙනාගේ පිලිස්සී ගිය සිරුරු හමුවීම පසුගියදා මුළු රටම මහත් කම්පාවට පත් කළ සිදුවීමක් විය.

මව හා දරු දෙදෙනා ඝාතනය කළ මධුරංග ද සිල්වා එම මිනීමැරුම් සිදු කළ ආකාරය පිළිබඳ පොලිසියට හෙළිදරව් කර තිබුනේ දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් පසුව බව මුලින් වාර්තාවී තිබුණා.

ඔහු නෑ නෑ මං මේ ගැන කිසිවක් දන්නෑ කියමින් ඉඳ පැය 16 කට පසුව එක්වරම සියල්ල හෙළිකර තිබුනේ කෙසේද? ඒ එක්තරා දුරකථන ඇමතුම් පණිවිඩයක් හා SMS
කිහිපයක් නිසා බව දැන් අනාවරණය වනවා.
මේ අතර බිරිය හා දරු දෙදෙනා ඔහු මැරුවේ බහින්බස්වීමකින් පසුව නොවන බවත් නින්දේ සිටියදී බවත් හෙළිවන අතර මිනීමැරුම් වලින් පසුව ඔහු ලබන වසරේදී නව බිරිය සමග පදිංචියට යාමට කටුබැද්ද ප්‍රදේශයෙන් ලක්ෂ 45 ක ගෙයක් මිලට ගෙන තිබුණ බවත් දැන් අනාවරණය වනවා.

ඔහු මිනීමැරුම් සිදු කළා යයි මුලදී පොලිසිය සිතුවේ නැත. මිනීමැරුම් සිදුව ඇත්තේ ඇතිවූ ගින්න නිසා නොව ගෙල සිරකිරීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් කීමත් සමග එය සිද්ධවූ ආකාරය හෙළිකරගැනීමට පොලිසිය යොදාගත්තේ උපායශීලී ක්‍රියාමාර්ගයකි.

මේකනම් ජීවිතේටවත් වෙන්න බැහැ... මගේ පුතා දරුවන්ටයි නෝනටයි හරිම ආදරෙයි. එයාලා අතර කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. හරිම සතුටින් හිටියේ.. යයි නිවසේ සිටි මෑණියන් පැවසූ අතර මධුරංග කියා සිටියේ

මම මුකුත් දන්නේ නැහැ සර්. ඊයේ හවසත් මම දරුවත් එක්ක කටුබැද්දට ගිහින් කෑම කාලා සෙල්ලම් කරලා ආවේ...උදේ අම්මා කෑගැහුවම තමා ගින්න නිවන්න අල්ලපු ගෙදරක ඉඳල ආවෙ.. ලෙසිනි.

කෝකටත් තමන් පොලීසියට ඇවිත් කටඋත්තරයක් දීලා යන්න. පොලිසිය දැන්වුවේ විශාල සැකයකින් නොවේ.

අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති එරික් රෝහිත මහතා පොලීසියට පැමිණි ඔහු සැකපිට අත්අඩංගුවට ගත්තේ ඉන් පසුවය.

මොනව කිව්වත් මේකා තමයි මේ අපරාධය කරන්න ඇත්තේ... ප්‍රශ්න කරන්න.. ඔහු සමග කථාබහ කරද්දී උත්තර දෙන ස්වරූපය නිසා පොලිසියේ සැකය වර්ධනයවී තිබුණා.
පොලිස් අධිකාරිවරයා සමග මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ද අපරාධ විමර්ශන අංශයේ සිට මෙම ප්‍රශ්න කිරීම කර තිබුණා.
අපි පැය හතරක් නොනවත්වාම ප්‍රශ්න කළා. ඒත් මිනිහා කිව්වේ මේ කිසිම දෙයක් දන්නේ නැහැ කියලයි
සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ ද ඔහු දිගින් දිගටම මෙසේ කීවේය.
මම මගේ අම්මටත් වඩා ආදරේ මගේ නෝනටයි දරුවන්ටයි. එහෙම කෙනෙක් මම. මම මොකටද මගේ නෝනා දරුවනුයි මරන්නේ... මටත් හිතාගන්න බැහැ... මොකක්ද වුණේ කියලා.

පොලීසිය මොහුගේ ප්‍රකාශ විශ්වාස කළේ නැත. ඒ අතරතුර මොහු සතු ජංගම දුරකථනය පොලීසිය බාරයට ගත් අතර සිද්ධිය වූ දිනට පෙර ඊට ලැබුණු ඇමතුම් හා කෙටි පණිවුඩ රැසක් පරීක්ෂාවට ලක් කිරීම ද සිදුවුණා.

මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දී සැකකරු පමණක් නොව නිලධාරීහු ද මහත් වෙහෙසට පත්ව තිබුණා. ඒත් ප්‍රශ්න කිරීම නතර වූයේ නැත. මේ නිසා මින් බේරුමක් නැති බව සැකකරු සිතන්නට ඇත. නිලධාරීහු ද දන්න උපක්‍රම ශිල්ප දමමින් සැකකරුට අත වත් නොතබමින් ප්‍රශ්න කර තිබූ බව කියැවුණා. අවසානයේ මොහු මෙවැනි අලූත් කතාවක් කියන්නට වුණා.

මම ඇත්ත කියන්නම් සර්... එදා රෑ මට මගේ නෝනාගේ කාමරෙන් සද්දයක් ආවා... හීන්සීරුවේ මම නෝනාගේ කාමරයට ගියා කළු පාට ඇඳගත් මිනිහෙක් කාමරේ හිටියා. ඒකා මට ගහලා කාමරෙන් පැන්නා. ඉන් පස්සේ මට මොනවා වුණා ද දන්නේ නැහැ. සැකකරු කියාගෙන ගියේය. බිරියට අනියම් සැමියෙකු සිටින බවත් දිනක් ඇය පාසල නිමවී එම තරුණයා සමග කතාබස් කරමින් සිටින බව තමා දුටු බවත් ඔහු කිව්වා.

තමා නෝනාව බැන්දේ ප්‍රපෝසල් එකකින් ද?
නැහැ. සර් අපි යාළුවෙලයි බැන්දේ...
නිලධාරීන් ඒ ගැන කතා කරන්නට උනන්දු වුණා. සැකකරුගේ පියා අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් මව විශ්‍රාමික ගුරුවරියක බවත් ඔහු කිව්වා. තමා එකම දරුවා බවත් පියා මියයෑමෙන් පසුව මවත් සමග පියාට අයිති කල්දෙමුල්ල නිවෙසට පැමිණි බවත් කිව්වා. අම්බලන්ගොඩ පාසල් යාමෙන් පසුව කොළඹ පාසලක ඉගෙනගත් පසු උසස් පෙළ ද ඉහළින් සමත් වුණ තමා පරිගණක ඩිප්ලෝමාවක් සඳහා පංතියකට ගිය අවස්ථාවක සිය බිරිය වූ සඳමාලි හමුවුණ බව කිව්වා.
ඉන් පසුව දෙමවුපියන්ගේ කැමැත්ත පරිදි විවාහ මංගල්‍යයක් 2006 මැයි මස 8 වනදා පැවැත්වූ බව ඔහු කියා සිටියා.

මීට වසර තුනකට පෙර සිය කුළුඳුල් දරුවා බිහිකළ ඇය මීට මසකට පෙර දෙවැනි දරුවා ප්‍රසූත කළ බවත් දෙදෙනාට දෙදෙනා දැඩි ආදරයකින් විසු බවත් ඔහු කිව්වා. සඳමාලිගේ මවුපියන් හා සොහොයුරන්ට ද මොහු දැඩි හිතවත්කමක් හා ආදරයක් ද දැක්වූ බවද ඔහු ප්‍රකාශ කර තිබුණා.
සාවධානව ඔහු කියා සිටි දේ නිලධාරීන් අසා සිටි අතර උසස් නිලධාරියෙක් එක්වරම එතැනට පැමිණියේ ජංගම දුරකථන දත්ත රැසක් රැගෙනය ඔහු සැකකරු බියකරන අදහසින් ඝෝෂාවෙන් කෑගැසුවා.
ඔච්චර ආදරෙන් හිටිය නම්... මොකටද තමුසේ ඔහොම දෙයක් කළේ.. උඹ හිතන්න එපා උඹ ඔය කියපු දේ අපි විශ්වාස කරනවා කියලා... එතකොට උඹ මේ ෆෝන් එකෙන් ඊයේ කාටද පැය ගණන් කතා කළේ... අපි සේරම සොයාගෙනයි ඉන්නෙ... ඇත්ත කියපන්..

පොලිසිය ඔහු සතු ජංගම දුරකථනයට ලැබුණු අංක හා කෙටි පණිවිඩ 141 ක් පමණ සොයාගෙන තිබූ අතර සමහර ඇමතුම් සඳහා විනාඩි 45 ක් පැයක් පමණ ගතවී තබූ බවද හෙළිකරගෙන තිබුණා. කෙටි පණිවිඩ සියල්ලේම වූයේ නොයෙකුත් ආදර වදන් බවද හෙළිවුණා.

මේ නොම්බරේ ඉන්නෙ කවුද... මේ උඹේ ගෑනි නෙමේනේ... ඇත්ත කියපන්... කවුද මේ කෙල්ල. එයාටත් එන්න කියන්න පොලීසියට... මේකා අපිට බොරුනේ කියන්නේ... එතකොට ඇත්ත එළිවෙයි. උසස් නිලධාරියා සැකකරු බියකරන අදහසින් මදක් ඝෝෂාවෙන් නැවත කෑගැසුවා. සැකකරු ඇත්තටම මෙයින් බියට පත් වුණා.

අනේ සර් ...එපා සර්...එහෙම කරන්න එපා. මම ඇත්තම කියන්නම්.
සැකකරුගේ හැසිරීම වෙනස් විය. මුහුණ පුරා දහඩිය දැම්මේය. වචන ගොත ගැසුණේය. වේලාව පාන්දර තුනට පමණ ඇත. නිදි වරාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කළ නිලධාරීන්ට ඇත්ත දැනගන්නට හැකිවූයේ පැය 16 කට පසුය.

ඇත්තම කියන්නම් සර්. මම තමයි සර් නෝනාවයි දරුවොයි මැරුවේ.
මට මෙයාව කසාද බඳින්න ඕන වුණා. මට මෙයාත් එක්ක ජීවත්වෙන්න ඕන වුණා. මට මෙයා නැතිවම බැරි වුණා. ඒකයි සර් මම මෙහෙම තීරණයක් ගත්තේ
සැකකරු ඇත්ත කතාව කියා ඇත්තේ එතැන් සිටය.

ඔහු තරුණිය හඳුනාගන්නේ ෆෙස්බුක් හරහා බවත් වැඩිකල් නොයාම ඔවුන් පෙම්වතුන් බවට පත්වූ බවත් කිව්වා. 20 හැවිරිදි රූමත් ඇය මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක බව ඔහු කියා සිටි අතර ඇගේ ප්‍රංශ පන්තියට ගොස් දිනක් ඇය හමුවී සබඳතාව ඇරඹූ හැටිත් දෙන්නට දෙන්නා ආදරය කරන බවත් කියා සිටියා.

පැය ගණන් අපි කතාකළා. ටොරින්ටන් එකේදි හම්බ වුණා. යයිද ඔහු කිව්වා.

මට එයාත් එක්ක විවාහ වෙන්න ඕන වුණා. මම බිරියගෙනුයි දරුවගෙනුයි අයින්වෙන්න තීරණය කළා.බිරිය දික්කසාද කරන්න මුලින් හිතුවා ඒත් එහෙම කළොත් හැම පැත්තෙන්ම මට දෝෂාරෝපණය එයි කියලා හිතුවා. ඒ නිසා මම තීරණය කළා මෙයාලව මරලා පස්සේ මගේ කෙල්ල කසාද බඳිනවා කියලා.මං කටුබැද්දෙ පැත්තෙන් ලක්ෂ 45ක ගෙයක් අරන් දැන් සති දෙකක් විතර වෙනවා. ඒකෙ එයත් එක්ක පදිංචියට යන්නයි හිතන් හිටියෙ. කළුතර ගෙයක් කුලියට අරන් අම්ම තාත්ත විදිහට යොදවල එයාගෙ ගෙදර අය රවට්ටන්න සැලසුමකුත් තිබ්බ.මේ ඔක්කොම ලෑස්ති කරල තමා රස්සාවෙනුත් අයින් වුනේ.

ඔහු මිනීමැරුම කළ ආකාරය විස්තර කළේ පහත ආකාරයටය.
16 වැනිදා මධ්‍යම රැය ගෙවි යමින් තිබුණ ද මොහු අසලකටවත් නින්ද පැමිණ තිබී නැත. මව හා මෙහෙකාරිය තද නින්දේය. හීන් සීරුවේ නැගිට ගත් ඔහු තම බිරිය හා දරු දෙදෙනා නිදා සිටි කාමරයට ඇතුළු වී තිඛෙනවා. බලද්දී තුන්දෙනාම නින්දේය.

ඇය හිටියෙ හොඳ නින්දේ මදුරු දැල අයින් කරලා මම එයාගේ ඛෙල්ල අල්ලා ගත්තා. එයා දගලන්න පටන්ගත්තා. ඒත් මම අතහැරියේ නැහැ. ඒ සද්දෙට ලොකු පුතා ඇහැරිලා ආච්චියේ ආච්චියේ කියලා ඇඳින් පැනල දුවන්න ගත්තා. මම ලොකු පුතාව ඇදලා ආයෙත් ඇඳට දාලා එයාගෙත් ඛෙල්ල මිරිකලා ඇල්ලුවා. අනිත් අතින් බිරියගේ ඛෙල්ල තද කළා.
මොහොතකින් දෙදෙනාම පණ ඇදල මැරුණා.

 ඔහු දෙදෙනාව මැරුවත් ඒත් සිගිති පුතු තවමත් තද නින්දේය. පුතු අතට ගත් ඔහු සිය බිරියගේ ළැම අසල පුතු තැබුවේය. පුතු මවගේ කිරි බොමින් සිටියදී මියගිය බව ඇගවීමටය. ඉන්පසු මදුරු දැල එල්ලා එතැන තිබු සුවඳ විලවුන් බෝතලය ඇඳ වටා වත්කොට ගිනිකූරක් ගසා මදුරු දැලට ඇල්ලීය. ඒ සැණින් ගිනි ඇවිලී ගියේය.

එතකොට මොකද අර ඉටිපන්දමක් පත්තු කරලා තිබුණේ පොලිසිය ඇසූ පැනයට ඔහු කියා ඇත්තේ මං එහෙම කළේ ඉටිපන්දම නිසා මදුරු දැලට ගිනිගත්තා කියලා පෙන්නන්න.ලෙසිනි.
පසුව සිය කාමරයට නිසොල්මනේ පැනගත් ඔහු නිදාගත්තත් ඔහුට නින්ද ආවේ නැති බව කියා සිටියා.
පසුදා උදෑසන අවදිවී ඔහු බිරියගේ කාමරයට නොයා අල්ලපු ගෙදරකට ගොස් කථාබහක නියැලී සිට තිඛෙනවා.

මම දැනගත්තා උදෙන්ම අම්මා නැගිටලා දරුවන්ගේ කාමරයට යන බව... මම ඒ නිසාම අල්ලපු ගෙදරකට ගිහින් හිටියා.
ඔහු සිතු පරිදිම ඔහුගේ මව සිය මුණුබුරන් බලන්නට ඔවුන් නිදා සිටි කාමරයට ගිය අතර කාමරය දුමින් පිරි ගොස් ඇති බව දැක බියට පත්වූ ඇය කෑගැසුවාය. එසැණින් පිට ගෙදරක සිටි ඔහු ද කලබලයෙන් දිවවිත් තිබුණා.
මළ සිරුරු දැකීමෙන් පසු අධික කම්පනයට පත් ස්වරූපයකින් රංගනයක නිරතවූ ඔහු තමාගේ බිරිය හා දරුවන් ගින්නෙන් පිළිස්සීම ගැන වාවාගන්නට බැරිව කෑගැසුවා. සිහිනැතිව ඇද වැටෙන රගපෑම්ද කර තිබුණා. මේ අතවාරයේ පැමිණි ඥාති සහෝදරයෙකුට රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලබාදී කියා ඇත්තේ තමාට හරි සිහියක් නැති බවත් මළ ගෙදර වැඩ කටයුතුවලට වියදම් කර බලාගන්නා ලෙසත්ය.මේ අතරවාරයේ සිය මෑණියන්ට තමා පොලිසියට එක්ක යාවිද දන්නෑ වැනි වාක්‍යද ඔහු සිහි මද ගතියෙන් කියා ඇති බව හෙළි වුණා.

ඔහුට මිනීමැරුම් සිදු කර නිදහසේ ගත කරන්නට හැකිවූයේ පැය කිහිපයක් පමණි. පොලිසිය මරණ පරීක්ෂණ තුළින් සැකකරු අල්ලගන්නට කටයුතු කළ අතරම ඔහුගේ සිහින කුමරියට මිනීමැරුම් ගැන සියල්ල එළිවී ඔහුව එපාවන්නටද ගතවූයේ පැය කිහිපයකි.
මේ සිද්ධි වලින් පසු ඔහුව අරන් හදාගත් මව ඔහු බාරගන්නටද කිසිදා සූදානම් නැත. දැන් ඔහු වැලිකඩය.


මේ අතර දැනට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර බාරයේ සිටින මෙම සැකකරුට එහි රැදවියන් විසින් දැඩි ලෙස පහර දී අසූචි කවා ඇතැයි වාර්තා වේ. 

තමන්ට පහර නොදෙන ලෙසට වැඳ වැටෙමින් රැදවියන් ඉදිරියේ සැකකරු පැවසුවත් "මේ වගේ අපරාධ කරන්නන් නීතියෙන් ගැලවූනද රිමාන්ඩ් ගෙදර රැදවියන්ගෙන් ගැලවීමක් නැ” කියමින් අසුචි කවමින් පහර දී ඇත. දැඩි ප්‍රහාරයට ලක්වූ සැකකරුට ඇවිදිය නොහැකි අතර ඔහුගේ එක් හනුවක් පුපුරාගොස් ඇති බව සැලයි.

මේ අතර බන්ධනාගාර නිළධාරීන් විසින් සැකකරු වෙනත් ආරක්ෂිත යැයි කියන සිර මැදිරියකට දමා ඇත. කෙසේ වෙතත් එම මැදිරිය දරුණු බෝවන රෝග තිබෙන සිර කරුවන් රදවා තිබෙන එකක් බවද වාර්තා වේ.

මෙම ඝාතනවලට මුල් වූ මධුරගේ අනියම් පෙම්වතිය පිලිබදව කෙටි විස්තරයක් පහලින් 


20 හැවිරිදි මෙම තරුණිය මිගමුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්ද වන්නේය. ෆේස්බුක් තුලින් හදුනාගැනීමෙන් අනතුරුව අපරාධකරු පෞද්ගලික මෝටර් රථයෙන් පැමිණ ඇය සමග ගාලු මුවදොර පිටියේ වාහනය තුලට වී පැය ගණන් පෙම් බස් දොඩමින් සිටි බවට ද වාර්තා වෙයි.

මේ ඇය අපරාධකරු පිලිබඳ පොලිසියට හෙලිකල අයුරුයි

“මම එයාට ඇත්තටම ආදරය කළා ”

“මම ප්‍රංශ භාෂාව ඉගෙන ගන්නයි කොළඹ ආවේ. එයත් එතැන වෙන පාඨමාලාවක් හැදෑරුවා. එයා විවාහ වී නැති බවත් කළුතර පදිංචි බවත් කිව්වා. අපි මුලින් එස්.එම්.එස්.වලින් අදහස් හුවමාරු කරගත්තා. අපි මුලින්ම ගෝල් ෆේස් එකේදී හමුවෙලා කතා කළා. 

මම එයා ගැන අම්මට කිව්වා. වැදගත් පවුලක නිසා අම්මලා කැමති වුණා. මේ විසිතුන් වෙනිදා කළුතර එයාලගේ ගෙදර ගිහිල්ලා වෙඩින් එක ගැන කතා කර ගන්නයි හිටියේ. එයා දහ අට වෙනිදා කතා කරලා කිව්වා හදිසි වැඩකට සිංගප්පූරු යනවා කියලා... ඒත් පොලිසියෙන් ඇවිත් මගෙන් මේ ගැන අහනකම් මං මොකුත් දැනගෙන හිටියේ නැහැ. 

එයා මට සේරම කළේ බොරු. මට කිව්වේ වයස විසි හතයි කියලා. ඒකත් බොරුවක්.”

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su