Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


පිලිපීනය යනු අලි ඇතුන් නොමැති රටක් නිසා 1977 වසරේ ජනාධිපතිව සිටි ෆර්ඩිනන්ඩ් මාර්කෝස් හට ලංකාවෙන් අලියෙක් තිළිණ කර තිබෙනවා. ඇය මාලි යි.

එතැන් පටන් වසර 35 ක කාලයක් පුරාවටම මැනිලා හි සත්ත්ව උද්‍යානයක කුඩා කොන්ක්‍රීට් කොටුවක් තුළ ඇය ජීවත් වන්නේ අලි-ඇත් කුළයේ කිසිම සතෙක් සමඟ කිසිම සබඳතාවයක් නැතිව හුදෙකලාවයි.

නමුත් සත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් වන පෙටා (PETA) සංවිධානය පවසන්නේ පිලිපීනයේ වෙසෙන එකම අලියා ද තම ඥාතීන් වෙත යැවීමට කාලය පැමිණ ඇති බවයි.


වසර 35 ක් පුරාවට හුදෙකලාව සිටීම නිසා මාලි මේ වන විට විවිධ රෝගාබාධයන් ගෙන් පෙළෙන නිසා ඔවුන් යෝජනා කරන්නේ තායිලන්තයේ ලැංපැං හි අලි ඇතුන් සුරැකීමේ මධ්‍යස්ථානය වෙත යවන ලෙසටයි.

මෙලෙස හුදකලා වීම නිසා ඇති වූ මානසික ආතතියේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විටත් මාලි ගේ පාද වල ආබාධ ඇති වී ඇති බවත් තව දුරටත් තත්ත්වය

ප්‍රභල විය හැකි බවටත් පශු වෛද්‍ය වරු පෙන්වා දෙනවා.

මේ පිළිබඳව පිලිපීන ජනාධිපති වරයාද අවධානය යොමු කොට ඇය ව තායිලන්තය බලා යැවීමට විශේෂ විධාන නිකුත් කොට තිබෙනවා.

ආසියාතික අලි ඇතුන් ඔවුන්ට හිමි සාමාන්‍ය පරිසරයේ ජීවත් වන්නේ නම් වසර 60 - 70 ක් නිදහසේ ජීවත් වන අතර සත්ව උද්‍යාන තුල ජීවත් වන සතුන්ගේ ආයු කාලය හුදෙකලා වීම නිසා ඇතිවන මානසික ආතතිය හේතුවෙන් වසර 20 කට අඩු කාලයක් වන අතර වසර 20ක ආයුකාලයක් ගෙවා දමන්නේ ද මානසික ආතතිය, විවිධ ශාරීරික ආබාධ සහ අඩු ව්‍යායාම සමඟිනි.






Related Posts Plugin for WordPress, Blogger...

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su