වීඩියෝව
මේෂ
හදීසි මුදල් ලාභ පෙන්නුම් කරන දවසකි. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් උදව් ලැබේ. මැණික් ගැරීම වැනි කටයුතු සාර්ථකවේ.
වෘෂභ
මේ සතියේ පවතින හොඳම දවස අදයි. ඒ නිසා අද උපරිම ප්‍රයෝජන ගත යුතුය. අලුත් රැකියාවන් සොයන අයට සතුටුදායක ආරංචි ලැබේ.
මිථුන
දුර බැහැර සිටින හිතවතෙකු පිළිබඳ සිතන දවසකි. දුර බැහැර සිටින අය සමග කරන ගනුදෙනුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. විනෝද ගමන් ද සාර්ථකවේ.
කටක
අසහනකාරි මානසික තත්ත්වයක් සහිත දවසකි. එවැනි තත්ත්වයන් ස්වභාවික ලෙස සලකා ධනාත්මකව ජීවිතයට මුහුණ දිය යුතුය. මිය ගිය ඥාතින් සිහිකිරීමෙන් වාසනාව උදාවේ.
සිංහ
ඉතාම සතුටුදායක දවසකි. ඔබගේ සෑම කටයුත්තක්ම පාහේ ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඉටුවේ. පස්වරු 3න් පසු මද පසුබෑමක් ඇතිවිය හැකිය.
කන්යා
සම්මුඛ පරීක්ෂණවලින් ජය ලැබෙන දවසකි. සතුරන් මර්දනය කිරීමට හැකිය. සේවක ගැටලු විසඳා ගැනීමට හැකිවේ.
තුලා
මිතුරු හමුවලට නුසුදුසු දවසකි. ආහාර පාන තෝරා ගැනීමේදි වෙනදාට වඩා සැලකිලිමත් විය යුතුය. කෙසේ වෙතත් බඩගින්න පිළිබඳ ප්‍රබල වෙනසක් ඇති වන දවසකි.
වෘෂ්චික
ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දවසකි. නෑදැ ගෙවල්වල යාමට නුසුදුසුය. සවස් කාලයෙන් පසු මිතුරු සබඳතාවලට බාධා ඇතිවේ.
ධනු
අතිශය වාසනාවන්ත දවසකි. දියුණු වන්නේ කෙසේද යන්න පිළිබඳ අලුත් අදහස් ඇතිවේ. කෙටි ගමන් බිමන්වලින් සතුටුදායක ප්‍රතිඵල ලැබේ.
මකර
අන් අයට සමාව දීමෙන් වාසනාව උදාවන දවසකි. විශේෂ මුදල් ගනුදෙනුවලට නුසුදුසු දවසකි. යම් යම් උපකරණ වගේ දේවල් කැඩි බිදී යාමට ඉඩ ඇත.
කුම්භ
ප්‍රබෝධ ජනක සිතිවිලි ඇති වන දවසකි. අලුත් කටයුතු ඇරඹීමට සුදුසුය. විශේෂ කෑම බීම ආහාරයට ගැනීමට ලැබේ.
මීන
වැඩකටයුතු බහුලවන දවසකි. වියදම් පක්ෂය පාලනය කර ගත යුතුය. අද පස්වරු 4න් පසු මාසයකට විතර පසු උදාවන අමුතුම කාලයක් උදාවේ.
