ලබන 12 වැනිදා ඉන්දියාවේ චෙන්නායි හීදි පැවැත්වීමට නියමිත (TESO) හෙවත් ද්‍රවිඩ ඊළාම් සහයෝගිතා සංවිධානයේ රැස්වීම සඳහා තමිල්නාඩුවේ සියලු ජනතාව සහභාගි වන ලෙස එරට ඩී.එම්.කේ පක්ෂයේ දේශපාලනඥයින් ඉල්ලීමක් කරයි.
ඩී.එම්.කේ පක්ෂයේ නායක එම් කරුණානිධිගේ දියණිය වන කනිමොසි මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත් කර තිබේ.
අදාළ නිවේදනයට අනුව තමිල්නාඩුවේ සෑම ද්‍රවිඩ ජාතිකයෙකුම එම සමුළුවට සහභාගීවීම වැදගත් බව ඇය පෙන්වාදෙයි.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ වැසියන්ගේ සාමය තහවුරු කිරීම සඳහා ඉදිරිපත්වීම සෑම තමිල්නාඩු වැසියකුගේම යුතුකමක් බව ඇය එමගින් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනවර්ගයා යටතේ ද්‍රවිඩ වැසියන්ට සිදුව ඇති අකටයුතුකම් පිටුදැකීමට මෙම සමුළුව වැදගත් බව ඇයගේ අදහසය.
ඒ අනුව මෙම සමුළුවට සහභාගිවන ලෙස ඇය තමිල්නාඩු තරුණ ප්‍රජාවගෙන් ද විශේෂ ඉල්ලීමක් කර ඇතැයි හින්දු පුවත්පත වාර්තාකරයි.
ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ වැසියන් වෙනුවෙන් එන්න
2012-08-05T20:03:00-07:00
Gossip9 Admin
