වීඩියෝව
වචනයෙන්
මේෂ
අනවශ්‍ය ගමන් බිමන්වලින් වැලකිය යුතුවේ. රතු පැහැති ඇඳුම් ඇඳිමෙන් සුබ ප්‍රතිඵල වැඩිවේ. වියදම් පක්ෂය පාලනය කර ගත යුතුය.
වෘෂභ
ලේඛන කටයුතු සාර්ථක වේ. හදීසි ප්‍රේම සබඳතාවලට ඉඩ ඇත. මැණික් ගැරීම වැනි කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ.
මිථුන
රාජකාරි ස්ථානය තුළ රාජකාරි ලැයිස්තු වෙනස් විය හැකිය. බර වැඩක් කිරීමට සිතෙන දවසකි. මවගෙන් උදව් ඉල්ලීමට ද සුදුසු දවසකි.
කටක
ගොවිතැන් කටයුතු සාර්ථක වන දිනයකි. පිට පළාත්වල අය සමග කරන ගනුදෙනුවලින් සාර්ථක ප්‍රතිඵල ලැබේ. පින් කිරීමට ආසාව ඇති වන දවසකි.
සිංහ
දිගු කාලීන ප්‍රයෝජන උදෙසා සිදුකරන කටයුතු ආරම්භයට සුදුසු නැත. අවදානම්කාරි කටයුතුවල නොයෙදිය යුතුය. රක්තවර්ණ ඇඳුම් ඇඳිම තුළින් අසුභ ප්‍රතිඵල අඩුවේ.
කන්යා
ප්‍රීති උත්සව සාර්ථක වේ. හොඳ මංගල යෝගයක් සහිත දවසකි. යාන වාහන පහසුකම් වගේ දේවල් වෙනදාට වඩා ලැබේ.
තුලා
සම්මුඛ පරීක්ෂණවලින් ජය ලැබේ. වෛද්‍ය උපදෙස් වගේ දේවල් ලබා ගැනීමට සුදුසු දවසකි. ඔබගේ අදහස් හා යෝජනාවලට ඉහළ පිළිගැනීමක් ලැබෙන දවසකි.
වෘෂ්චික
මිතුරන්ට විහිළු තහළු කිරීමෙන් වැළකිය යුතු දිනයකි. තරග විභාගවලින් ජය ලැබේ. භූමියෙන් ලබන යම් යම් ලැබීම් පෙන්නුම් කරයි.
ධනු
ඉතා ඉවසිලිවන්තව කටයුතු කළ යුතු දවසකි. වෙනදාට වඩා ගෙදර තෙමීම වැනි දේවල් ඇති විය හැකිය. ආදර සංග්‍රහ ලැබීම් වගේ දේවල් පෙන්නුම් කරයි.
මකර
මේ සතියේ පවතින හොඳම දවස අද දවසයි. දියුණු වන්නේ කෙසේ ද යන්න පිළිබඳව අලුත් අදහස් ඇති වන දවසකි. මුදල් අවශ්‍ය වන විවිධ කාරණා මතක් වන දිනයකි.
කුම්භ
ඔබට නොගැලපෙන ආකාරයට කවුරු හරි ආමන්ත්‍රණය කිරීමට ඉඩ තිබේ. රැකියා ලාභයකට ඉඩ ඇති දවසකි. රතු පැහැති ඇඳුම් ඇඳිම තුළින් අසුභ ප්‍රතිඵල අඩුවේ.
මීන
මේ සතියේ පවතින හොඳම දවස අද දවසයි. ආගමික අංශවලට පහසුවෙන් සිත යොමු කළ හැකිය. හවුලේ කරන කටයුතුවලට අද නුසුදුසුය.
