Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.

මම අභියෝගය බාර ගන්නවා-මෛත්‍රීපාල කියයිඑක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා විසින් යොමුකළ අභියෝගය බාර ගැනීමට තමන් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. 


අද (07) පෙරවරුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. 

1994 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයා වූ ගාමිණි දිසානායක මහතාගේ ජයග්‍රහණය උදෙසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහය නොදුන් බව මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවක දී පවසා තිබිණි. 

හැකිනම් ඒ බව සනාථ කරන ලෙස එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා අභියෝග කළේ ඉන් අනතුරුවය. 

කෙසේ වෙතත් ඊට අදාළ ලිඛිත සාක්ෂි ද තමන් සතු වන බව පැවසූ අමාත්‍යවරයා සඳහන් කළේ එවකට පොලීසියේ සේවය කළ නිලධාරීන්ගේ සටහන්වල තොරතුරු ද තමන් සතු වන බවය. 

මෙම අභියෝගය තමන් බාරගන්නා බවත් ඒ තුළින් එක්සත් ජාතික පක්ෂයට සිදුවන බරපතල හානිය සම්බන්ධයෙන් තමන් කිසිදු වගකීමක් බාර නොගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su