Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


ක්‍රීඩා 
ඔලිම්පික් පදක්කම් 19 ක් දිනාගනිමින් ලෝක වාර්තාවක් හිමිකරගෙන සිටින ඇමරිකානු ජාතික පිහිනුම් කී‍්‍රඩක මයිකල් පෙල්ප්ස්, ඊයේ (2 වැනිදා) සිය 20 වැනි පදක්කම හඹා යමින් සිටියේය. ඒ මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්වෙනි.
එහෙත් මෙම ඉසව්වේදී ඔහුගේම කණ්ඩායම් සගයා වන රයාන් ලොච් වෙතින් පෙල්ප්ස්ට තියුණු තරගයක් එල්ලවනු ඇතැයි කියැවේ.
බදාදා පැවැති අවසන් පූර්ව තරගයේදී ලොච් මීටර 200 කේවල මිශ‍්‍ර ඉසව්වෙන් පරාජය කිරීමට සමත් වූ අතර පසුගිය ඉරිදා මීටර 800 ඉසව්වේදීත් ලොච් තරගයෙන් ජයගත්තේය.
බීජිං ඔලිම්පික් උළෙලේදී රන් පදක්කම් 8 ක් දිනාගත් නමුත් පෙල්ප්ස් ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී මේ දක්වා කේවල ඉසව්වකින් රන් පදක්කමක් දිනාගෙන නැත.
මේ අතර බි‍්‍රතාන්‍යය නියෝජනය කරමින් පාපැදි කී‍්‍රඩාවට පිවිසි කී‍්‍රඩකයන් අතර විශිෂ්ටතම ස්ථානය හිමිකරගත් බ‍්‍රඞ්ලි විගින්ස් මෙවර ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී කේවල කාලය මැනීමේ තරගයෙන් දෙවැනි රන් පදක්කම බි‍්‍රතාන්‍යයට දිනා දුන්නේය.
දින 10 කට පෙර නිමාවූ සුප‍්‍රසිද්ධ ‘ප‍්‍රංශ සවාරිය’ ජයගත් පළමු බි‍්‍රතාන්‍ය ජාතිකයා වූ විගින්ස්, සිය කතා ශෛලිය නිසා බි‍්‍රතාන්‍යයන් වසග කරගත් කී‍්‍රඩකයෙකි.

මයිකල් පෙල්ප්ස්

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su