Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


ඔලිම්පික් බැඞ්මින්ටන් තරගාවලියේදී වුවමනාවෙන්ම තරග පරාජය වීම නිසා ආසියාතික බැඞ්මින්ටන් කී‍්‍රඩිකාවන් 8 දෙනකු තරගයෙන් ඉවත් කරන ලදි. මෙසේ තරගයෙන් ඉවත් කරන ලද කී‍්‍රඩිකාවන් 8 දෙනාගෙන් ප‍්‍රවීණතම චීන කී‍්‍රඩිකාවක වන යූ යැන්ග්, බැඞ්මින්ටන් කී‍්‍රඩාවෙන් සමුගැනීමටද තීරණය කළාය.
බැඞ්මින්ටන් යුගළ තරග සඳහා ඉදිරිපත්ව සිටි චීන, කොරියානු සහ ඉන්දුනීසියානු කී‍්‍රඩිකාවන් තරගයේ පරාජය අපේක්‍ෂාවෙන් දැළ වෙතටත්, සීමා ඉරෙන් ඉවතටත් බැඞ්මින්ටන් මල යවමින්, විසුළු සහගත තරග වැදීමක නිරතව සිටි අයුරු දුටු වෙම්බිලිහි බැඞ්මින්ටන් කී‍්‍රඩාගාරයට රැස්ව සිටි 4,800 කට අධික පේ‍්‍රක්‍ෂකයෝ ‘හූ‘ හඩින් ඔවුනට සරදම් කළහ. එහි අනුයාත ප‍්‍රතිඵලය වූයේ ලෝක බැඩිමින්ටන් සම්මේලනය විසින් එම කී‍්‍රඩිකාවන් තරගාවලියෙන් ඉවත් කරනු ලැබීමයි.
බදාදා (1 වැනිදා) දිනය නිමා වනවිටත් රන් පදක්කම් 17 ක් දිනාගනිමින් පදක්කම් පුවරුවේ පෙරමුණ ගෙන සිටි චීන කණ්ඩායමට තවත් පදක්කමක් හෝ දෙකක් එක් කිරීමට මෙසේ තරගාවලියෙන් ඉවත් කරන ලද කී‍්‍රඩිකාවන් අතුරින් දෙදෙනකුට ඉතා පහසුවෙන්ම අවස්ථාව තිබිණ.
රන් පදක්කම් 12 ක් දිනා සිටින ඇමරිකා එක්සත් ජනපදය සහ රන්පදක්කම් 6 ක් දිනා සිටින දකුණු කොරියාව මේවන විට චීනය ආසන්නයේම සිටිති.
මෙම ලැජ්ජා සහගත කි‍්‍රයාව සම්බන්ධයෙන් මහජනතාවගෙන් සමාව ඉල්ලා සිටින ලෙසද චීන බැඞ්මින්ටන් නිලධාරීහු තම කී‍්‍රඩිකාවන්ට නියෝග කළහ. කොරියානු කණ්ඩායම් දෙකක කී‍්‍රඩිකාවෝ මෙන්ම ඉන්දුනීසියානු යුගළද වුවමනාවෙන්ම තරග පරාජය වීමේ අදහසින් තරග කළේ ඊළග වටයේදී වඩාත් පහසු ප‍්‍රතිවාදීන් ලබාගැනීමේ අපේක්‍ෂාවෙනි.
කෙසේ වෙතත් තමන්ට ලැබුණු තීරණය සම්බන්ධයෙන් චීන බැඞ්මින්ටන් කී‍්‍රඩිකා යූ යැන්ග් බලවත් නොසතුටට පත්ව සිටින්නීය.
"මේ මගේ අවසන් බැඞ්මින්ටන් තරගාවලියයි. බැඞ්මින්ටන් කී‍්‍රඩාවටත්,  ලෝක සම්මේලනයේ නිලධාරීන්ටත් ආයුබෝවන්”
"අප තරගය අතහැර දමන්න තීරණය කළේ තරගාවලියේම නීති රීති නිසායි. ඒත් නුඹලා කිසිම හිතක් පපුවක් නැතිව, අපේ සිහින සුන් කළා” යයි යැන්ග් සටහනක් තබා තිබිණ.
මේ අතර ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ බොක්සිං තරගවල තීරණ සම්බන්ධයෙන්ද විවිධ මතභේද ඇතිවී තිබේ.
බොක්සිං කී‍්‍රඩකයක විසින් එක් තරගයක් ‘පාවාදීමක්’ ලෙසින් හඳුන්වන ලද අතර තවත් තරගයකින් පරාජය වූ කී‍්‍රඩකයකු අභියාචනයක් ඉදිරිපත් කරමින් තමන්ගේ පැත්තට තීරණය ලබාගත්තේය. බොක්සිං කී‍්‍රඩාවේ විශිෂ්ටයකු වූ බි‍්‍රතාන්‍ය ජාතික ලෙනොක්ස් ලූවිස් පවා බොක්සිං තීරකවරුන්ගේ තීන්දු සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරන බවක් දක්නට ලැබිණ.
ඉරානයේ අලී මසාහෙරී පවසන්නේ කියුබානු කී‍්‍රඩකයා සමග පැවැති තරගයේදී තමන් ලද අසාධාරණ තීන්දුව නොවන්නට තමන්ට ඉතාමත් පහසුවෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමේ හැකියාව තිබූ බවයි.
ඊට පෙර චීනයේ මේස පන්දු කී‍්‍රඩිකාවක වන ඩින්ග් නින්ග් පවසා සිටියේ තරග තීරකවරයාගේ වරදින් තමන්ට රන් පදක්කම අහිමි වූ බවයි.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su