පාරිභෝගික සේවා අධිකාරිය මේ වසරේ ගත වූ කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලදී රුපියල් කෝටි 6ක මුදලක් දඩ වශයෙන් අය කර ගෙන තිබේ.
මෙහි දී වැටලීම් 20,070ක් සිදු කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේය.
ප්‍රමිතියෙන් තොර ආහාර සහ භාණ්ඩ අළෙවිය, කල් ඉකුත් වූ භාණ්ඩ අළෙවිය , වැඩි මිලට භාණ්ඩ අළෙවිය යන චෝදනා යටතේ ප්‍රධාන වශයෙන් අදාළ ව්‍යාපාරිකයන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවේය.
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කණ්ඩායම් දීප ව්‍යාප්තව ලැබෙන තොරතුරු ඔස්සේ මෙම වැටලීම් සිදු කළ බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.
වැටලීම්වලින් කෝටි 6ක් උපයයි
2012-08-07T10:54:00-07:00
Gossip9 Admin
