Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


බොලිවුඩය ජයලත් ජැකලයින් ෆර්නැන්ඩස් සුරූපිනියට පසුව තවත් ශ්‍රී ලාංකීය රූ රැජිනකට බොලිවුඩයේ අවස්ථාව ලැබී තිබෙනවා. ගම්‍යා විජයදාස ඒ සුරූපිනියයි. කොළඹ මියුසියස් විද්‍යාලයෙන් සහ  ඕස්ටේ‍්‍රලියාවේ ස්ට‍්‍රැට්මෝර් පාසලින් අධ්‍යාපනය ලබා පසුව මෙල්බර්න් සරසවියෙන් මානසික විද්‍යා අංශයේ ශාස්ත‍්‍රපති සහ කළමනාකරණ අංශයේ උපාධිධාරිනියක වන ‘ගම්‍යා’ මේ අවස්ථාව ලබාගත්තේ කොහොමද?

අද අපි ඇය සමඟ ඒ ගැන කතාබහ කරමු.


ජැකලීන්ගෙන් පසු බොලිවුඞ් යන ‘ගම්‍යා’


ගම්‍යා ඔබ ගැන කෙටියෙන් සඳහනක් කළොත්?
උපන්නේ කොළඹ දී. ගම අතුරුගිරිය. අම්මා අලූත්ගම. අම්මා මෘදුකාංග අංශයේ ඉංජිනේරු වරියක්. තාත්තා ව්‍යාපාර කටයුතුවල නියැලෙනවා. පවුලේ එකම දරුවා මමයි. 2009 දී ශ්‍රී ලංකා රූ රැජින වුණා. එම වසරේ දීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක රූ රැජින තරගය නියෝජනය කළා. එහිදී අංශ තුනකින් ශ්‍රී ලංකා නාමයට කීර්තියක් ගෙන දෙන්න පුළුවන් වුණා.

මේ දිනවල පදිංචිය මුම්බායිවල නේද?
ඔව්.

ඇයි මුම්බායිවලට ගියේ?
ඇත්තටම ගොඩාක් රටවලට ගිහින් තිබුණාට මගේ හිතගත් රට ඉන්දියාවයි. එහි සිට කලාවට සම්බන්ධව යමක් කිරීමේ අරමුණ ඇතිව තමයි ගියේ.

එකම දරුවා පිටරටකට යනවට දෙමාපියන් කැමති වුනාද?
තාත්තා කොහෙත්ම කැමති වුනේ නැහැ. තනියම සිටින විට ආරක්‍ෂාව ගැන එයාලට බයක් තියෙන්නෙ. ඒත් ජීවිතයේ අපට අපගේ අවස්ථා උරගා බලන්න, අපේ සිහින සැබෑ කරගන්න අවස්ථාවක් එනවා. ප‍්‍රමාද වුණොත් එය කරන්න බැහැ. ඒ පසුතැවිල්ලට ඉඩ තබන්න මම කැමති නැහැ. මම කරන දේවලින් රටටත් දෙමාපියන්ටත් අභිමානය ගෙනදීම අරමුණයි.

ඒ කියන්නෙ කළා අංශයෙන් ඉදිරියට යාමට ඔබගේ කැමැත්තක් තිබෙනවා කියලද?
ඇත්තටම ඔව්, රංගනයට ලොකු කැමැත්තක් තියෙන්නෙ. එය කුඩා කාලයේ සිටම තියෙන දෙයක්. පවුලේ අය වෙනුවෙන් ඉස්සර ප‍්‍රසංග පවා කළා. කලා අංශයේ මොනවා හරි දෙයක් කරලා ඒ අය ඉදිරියේ රඟ දක්වලා පෙන්නුවා. බොලිවුඞ් සිනමාව ගැන ආසාවක් ඇතිවුණේ ඒවා නරඹන විට දැනෙන හැඟීම් එක්කයි. මේ නිසාම මෙතැන සිට යමක් කරන්න ඇත්නම් කියන සිතිවිල්ල නිරන්තරයෙන්ම තිබූ දෙයක්.

ඇයි ලංකාවේ චිත‍්‍රපටවලට අකමැතිද?
ලංකාවේ අපූරු සිනමාකරුවන් සිටිනවා. ලෝකය ජය ගන්න ඒ අය එක්ක, එක් වතාවක් හෝ වැඩ කිරීම අරමුණයි. ඒත් මෙහි වැඩ සිද්ධවෙන කාල පරාසය හරි මන්දගාමියි. ඒ වෙනුවෙන් ලොකු කාලයක් බලාසිටින්න මට බැහැ. නමුත් කෙරෙන දෙයකට කතා කළොත් අනිවාර්යයෙන්ම දායක වෙනවා.

බොලිවුඞ් සිනමාවේ චරිතයක්වීම ඉන්දියාවේ බොහෝ දෙනාගේ සිහිනය වුනත්, එය ඉටුකර ගන්න ඔවුනට ලෙහෙසි නැහැ. එවන් වාතාවරණයක දී ලංකාවේ ඔබ මේ මාර්ගය විවර කර ගත්තෙ කොහොමද?
හේතු කීපයක් නිසා මට ඒ අවස්ථාවට යම් කිසි විදියකට පාර විවර වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා රූ රැජිණ වීම ගොඩාක් වැදගත් වුණා. ඉන්දියාව රූ රැුජිණ වැනි තරග බහුලව පැවැත්වෙන රටක්. ඒත් මේ තැනට යන්න පාර කැපුනේ මට අපේ රටෙන් ලැබුණු සහ දීපු අවස්ථාව නිසයි. ඒ වගේම ඊට පෙර මම හින්දි භාෂාව ප‍්‍රගුණ කර තිබීම තවත් රුකුලක් වුණා. හින්දි බස චතුර ලෙස කතා කරන්න පුළුවනි. බොලිවුඞ් සිනමාවට නර්තනය කියන දේ බෙහෙවින් වැදගත්. මේ සියලූ දේ නිසාත්, රංගනය ගැන ඉන්දියාවේ සිට හදාරා තිබෙන නිසාත්, මම ශ්‍රී ලාංකිකයකුවීම ඔවුනට ගැටළුවක් වුණේ නැහැ.

මේ චිත‍්‍රපටයේ නම මොකක්ද?
අලාප් (ගීතයක තනුවක් වගේ, තාලයක් වගේ) මනිෂ් මනික්පූරි අධ්‍යක්‍ෂණය කරන කුළුඳුල් චිත‍්‍රපටයයි. නිෂාන් රිෆානි සහ අභිෂේක් මිශ‍්‍රාගේ නිෂ්පාදනයක්.

මේ විදියට මේ චිත‍්‍රපටය සඳහා අවස්ථාව ලබා ගත්තෙ කොහොමද?
මුම්බායි ගිහින් නතරවෙලා හිටියෙ මගේ යෙහෙළියකගේ නිවසේ. මේ චිත‍්‍රපටය කරන්නෙ එයාගේ යාළුවෙක්. දවසක් මිස් ශ්‍රී ලංකා ඇවිත් ඉන්නවා කියලා යෙහෙලිය මාව ඔවුනට හඳුන්වා දුන්නා. ඒ අහඹු සිදුවීමෙන් මාස 6කට විතර පස්සේ මේ සඳහා මට ආරාධනා ලැබුණා.

ඉන්දියාවේ අතිශයින් ජනප‍්‍රිය නළු නිළියන් මෙහි රඟපානවාද?
ඉන්දියාවේ බොහෝ චරිත අතිශයින් ජනප‍්‍රියයි. මෙහි අලූත් තරු රැසක් රඟනවා. මෙහි ගීතමය අවස්ථා සඳහා මම රඟපානවා.

දැන් ඔබේ සිහිනය බොලිවුඩයේ කා සමඟ රඟපාන්නද?
කවුරුත් හරිම දක්‍ෂයි. ඒ නිසා නම් වශයෙන් වෙන් කරන්න බැහැ. ෂාහිඞ්, රන්බීර් කපූර් වැනි අලූත් තරු මෙන්ම, අමිර්ඛාන්, ෂාරුක් වගේ අය එක්ක රඟපාන්න ලැබුණොත් අපේ ලංකාවටම එය කීර්තියක් ගෙන දේවි.

කොහොමද එහි වැඩ කරන්න පහසු වුනාද? ඒ අයගෙන් සහයෝගය ලැබුණද?
ඇත්තටම ඒ අය ගොඩක් හොඳයි. මිස් ශ්‍රී ලංකා කිව්වාම උනන්දුවෙන් කටයුතු කළා. එයාලා මාව පුදුමයට පත්කළා. විශේෂයෙන්ම තැන ලබාදීමේ ගුණය අගය කරන්නම  ඕනෑ.

අනාගතයේ දී ඔබ සුපිරි තරුවක් වුණොත් අපට අල්ලගන්න බැරිවේවිද?
කොහෙත්ම නැහැ. ලංකාවේ ලැබෙන අවස්ථා හැකි විදියට බාරගන්නවා. සිරස සහ දෙරණ වැඩ සටහන් මෙහෙයවීමට එක්ව සිටිනවා. ඒ විදියට ආරාධනා ලැබෙන පරිදි සියල්ල කරාවි.
පසුතලය - ODEL
විලාසිතා - ODEL

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su