මිහින්තලය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක්, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පොලිස් කොස්තාපල්වරු දෙදෙනා බීමතින් රාජකාරීය සිදුකිරීම සම්බන්ධයෙන් සහ උප පොලිස් පරීක්ෂකවරයා, පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල් රියදුරා රාජකාරිය පැහැර හැරීමේ චෝදනා මත වැඩ තහනමට ලක්කර ඇති බව සඳහන්ය.
සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි නීතිය ක්‍රියාමාර්ග පොලිස් දෙපාර්තමේන්තු මට්ටමින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මිහින්තලේ පොලිස් නිලධාරීන් පස්දෙනෙකුගේ වැඩ තහනම්
2012-08-08T06:21:00-07:00
Gossip9 Admin
