Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


ශතවර්ෂයකට ආසන්න කාලයක් අකී‍්‍රයව පැවැති නවසීලන්ත ගිනි කන්දක් හිටිහැටියේ සකී‍්‍රය වී දුම් වලා පිට කිරීමත් සමඟ එරට ගුවන් ගමන් කටයුතු නවතා දැමීමට ගුවන් ගමන් පාලන අධිකාරිය ඊයේ (7) තීරණය කළේය.
සකී‍්‍රය වී දුම්වලා පිට කිරීම ඇරැඹුණේ දකුණු දිවයිනේ පිහිටි ටොන්ගාරිරෝ නමැති ගිනි කන්දෙනි. මෙම ගිනි කන්ද නැතහොත් යමහල මීට පෙර පුපුරා ගියේ 1897 වසරේදීය.
ගිනි කන්දෙන් නිකුත් වන දුම් වලාව මීටර් 6,100 ක් (අඩි 20,000) දුරට විහිදී ඇතැයි යමහල් විද්‍යාඥයෝ පවසති.
ගිනි කන්දෙන් නිකුත් වන දුම්වලාවේ පාෂාණ කොටස් සහ ගන අංශු ඇති අතර ඒවා ගුවන් යානා ඇන්ජින් තුළට ඇතුළු වුවහොත් ඇන්ජින් අකි‍්‍රය වීමට හේතු වන හෙයින් රට අභ්‍යන්තරයේ ගුවන් ගමන් වහා නැවැත්වීමට තමන් තීරණය කළේ යැයි එරට ගුවන් ගමන් පාලන අධිකාරිය වැඩි දුරටත් කියා සිටී.
නවසීලන්ත යමහල් විද්‍යාඥයන් පවසන්නේ මේ වනවිට ගිනි කන්දෙන් කුඩා ප‍්‍රමාණයේ පිපිරීම් කිහිපයක් දකින්න ලැබෙන බවය. ගිනි කන්දේ තවත් අලූත් විවරයක් නැතහොත් පැල්මක් දකින්න ලැබෙන බවත් එයින් ද දුම්වලා පිටවන බවත් විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.
ගිනි කන්දෙන් ලාවා නිකුත් වීමක් මෙතෙක් දකින්න ලැබී නැති හෙයින් එය සම්පූර්ණ වශයෙන් පුපුරා නොයනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. ගිනි කන්දෙන් නිකුත් වන අළු ප‍්‍රදේශ රැසකට පැතිර ගොස් ඇති අතර ඇතැම් මාර්ග වසා දැමීමට ද පොලිස් නිලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
නවසීලන්ත අගමැති ජෝන් කී පැවැසුවේ ගිනි කන්දෙන් අනතුරක් සිදුවීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවීම් ලැබුණහොත් ගිනි කන්ද අවට ප‍්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමේ මෙහෙයුම් කඩිනමින් ආරම්භ කරන බවය.
ඒ සඳහා සිවිල් ආරක්ෂක බළකා සීරුවෙන් තැබීමට ද අගමැතිවරයා පියවර ගෙන ඇත. ඔවුන් ගිනි කන්ද ගැන නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
දූපත් රාජ්‍යයක් වන නවසීලන්තය පිහිටා ඇත්තේ ද ‘පැසිෆික් ගිනි වළල්ල’ට ඉහළින්ය. ‘පැසිෆික් ගිනි වළල්ල’ යනුවෙන් හැඳින්වෙන්නේ පැසිෆික් සාගර කලාපයට පහළින් ඇති පෘථිවි භූ තැටියකි. එම භූ තැටියේ සිදුවන වෙනස් වීම් හේතුවෙන් ගිනි කඳු සකී‍්‍රය වන අතර භූ කම්පන ද හට ගනී.
නවසීලන්තයේ ගිනිකඳු රැසක් ඇත. 1953 වසරේ රුපේහූ නමැති ගිනි කන්ද සකී‍්‍රය වී පුපුරා ගිය අවස්ථාවේදී එහි අළුවලින් ප‍්‍රදේශ කිහිපයක් මුළුමනින්ම වැසී ගියේය. එම අළු වළාවට මැදි වූ මගී දුම්රියක් පීලි පැනීමකට ලක් විය. එයින් දුම්රියේ ගමන් කළ 151 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. රුපේහූ ගිනි කන්ද පිහිටා ඇත්තේ ද උතුරු දිවයිනේය.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su