ද්‍රවිඩ ජනයා ලක්ෂ ගණනින් ඝාතනය කරමින් යුද අපරාධ සිදුකළ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන පැවැත්වීම දැඩිව හෙළාදකින බව තමිල්නාඩුවේ වාල් උරුමෙයි පක්ෂයේ නිර්මාතෘ වේල් මුරුගන් පවසයි.
ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ආයෝජන අවස්ථා වැඩි කිරීම සඳහා “The India Show” නමින් විශේෂ ප්‍රදර්ශනයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි මේ දිනවල පැවැත්වෙන අතර ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් හෙතෙම මේ බව පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වයි.
තමිල්නාඩු ප්‍රාන්ත රජය මීට පෙරාතුව ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිය යුතු බවට වන යෝජනාවක් ඒකමතිකව සම්මත කළ බවත්,ඒ පිළිබඳව තුට්ටුවකට හෝ මායිම් නොකොට ඉන්දියාවේ ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන පැවැත්වීමට කටයුතු කිරීම කනගාටුදායක බව මුරුගන් පෙන්වාදෙයි.
හෙතෙම මේ බව කියා සිටියේ "දැට්ස් ටැමිල්"පුවත් සේවයට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. කෙසේ වෙතත් ඊයේ ආරම්භ කරන ලද මෙම ප්‍රදර්ශනය ආරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය වාණිජ හා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද ශර්මා මෙන්ම ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජාත්‍යන්තර මුල්‍ය කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු අයෝජන ක්ෂේත්‍රයේ නිලධාරින් රැසක් එක්වුහ.