අගෝස්තු 03
පල අපල
වචනයෙන්
අද උදෑසන කාලය තුළ ඔබගේ තත්ත්වය උසස් වන ආකාරයේ සිදුවීම් විය හැකිය. පියාගේ උදව් ඉල්ලීමට සුදුසු ග්‍රහ තත්ත්වයක් පවති. අද දිවා කාලයෙන් පසු මුදල් ගනුදෙනුවලට සුදුසු ග්‍රහ තත්ත්වයක් නිර්මාණය වේ.
වෘෂභ
අද උදෑසන කාලය තුළ හදීසි ගමනක් යෙදීමට ඉඩ ඇත. ආගමික අංශවලට සිත යොමු කිරීම තුළින් වාසනාව උදාවේ. දිවා කාලයෙන් පසු වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබේ.
මිථුන
අද උදෑසන කාලය තුළ තරමක් දුරට හෝ අසහනකාරි සිතිවිලි ඇතිවේ. පෙරවරු 8.59 ට පෙර අලුත් කටයුතු ඇරඹීම සුදුසු නැත. අද දිවා කාලයෙන් පසු හදීසි ගමන් බිමන් යෙදේ.
කටක
අද පෙරවරු 8.58 දක්වා කාලය අතිශය සතුටුදායක දවසකි. ඒ නිසා පෙරවරු 8.58 පෙර පවතින පැය කිහිපයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න. ඉන් පසු එළඹෙන කාලය අලුත් කටයුතුවලට නුසුදුසුය.
සිංහ
ඉතාම සතුටුදායක දවසකි. සමාජයේ හිත් දිනා ගත හැකි දවසකි. කලා කටයුතුවලින් විවිධ ආදායම් මාර්ග පෙන්නුම් කරයි.
කන්යා
අද පෙරවරු 9.00 පසු කාලය ඉතාම සතුටුදායක කාලයකි. ඔබගේ සෑම බලාපොරොත්තුවක්ම පාහේ සිතන පතන අයුරින් සිදුවේ. කලා හෝ මුල්‍ය අංශවලට අදාළ රැකියාවන් කරන අයට විශේෂයෙන් සුබයි.
තුලා
අද උදෑසන මුල් පැය 2 හි කෝපකාරි සිතිවිලි වර්ධනය විය හැකිය. තෑගි බෝග ලැබීම් වැනි දේ පෙන්නුම් කරයි. දහවල් කාලය තුළ මිතුරු හමුවලට සුදුසු ග්‍රහ තත්ත්වයක් නැත.
වෘෂ්චික
අද උදෑසන කාලය තුළ ප්‍රීති ජනක ආරංචි ලැබේ. නමුත් පෙරවරු 9.00 පසු කාලය තුළ වෙනදාට වඩා කේන්ති යන බව පෙනේ. ඥාතින් සමග කරන ගනුදෙනුවලින් ඉවත් විය යුතුය.
ධනු
අද පෙරවරු 8.58 පෙර කාලය තරමක් අසතුටුදායකය. නමුත් පෙරවරු 9.00 පසු ඉතාම සතුටුදායක කාලයකි. ඒ නිසා පෙරවරු 9.00 පසු එළඹෙන කාලය තුළදි උපරිම ප්‍රයෝජන ලබාගත යුතුය.
මකර
අද උදෑසන කාලය ඉතාම සතුටුදායකයි. අද පෙරවරු 8.57 දක්වා මේ ග්‍රහගෝචරය ක්‍රියාත්මක වේ. දිවා කාලයෙන් පසු ඔබට අගෞරව වන ආකාරයේ සිදුවීම් විය හැකිය.
කුම්භ
අද පෙරවරු 9.30 න් පසු කාලය අතිශය සතුටුදායකය. ඒ නිසා අද පෙරවරු 9.30 න් පසු එළඹෙන පැය කිහිපයෙන් උපරිම ප්‍රයෝජන ගත යුතුවේ. අසල්වාසින්ගෙන් කෑම බීම වැනි දේවල් ලැබෙන දවසකි.
මීන
අද උදෑසන මුල් පැය 2 ක තුළ ඉතාම සුබ ප්‍රතිඵල ලැබේ. පෙරවරු 9න් පසු කාලය තුළ කලබලකාරි මානසික තත්ත්වයක් ගොඩනැගේ. වැදගත් කමින් අඩු කටයුතු කල්දැමිය යුතුවේ.
