මුහුදු සීමා උල්ලංඝණය කරමින් මසුන් ඇල්ලූ චීන ජාතිකයින් 37 ක් හා ඔවුන්ට අයත් යාත්‍රා දෙකක් ද නාවික හමුදාව විසින් ඊයේ (05) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.
චීන ජාතිකයින් පිරිස සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේය.
චීන ජාතිකයින්ට මසුන් ඇල්ලීමට හැක්කේ මෙරට වෙරළ සීමාවේ සිට නාවික සැතපුම් 200ක් දුරින්ය.
එහෙත් ඔවුන් පිරිස මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 10ත් 15ත් අතර ප්‍රදේශයක මසුන් අල්ලමින් සිටි නිසා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන ධීවරයින් පිරිස ත්‍රීකුණාමල වරාය පොලිසියට භාරදීමට පියවර ගන්නා බව කෝසල වර්ණකුලසූරිය මහතා පැවසුවේය.
චීන ධීවරයෝත් මුහුදු සීමා උල්ලංඝණය කරති
2012-08-06T09:26:00-07:00
Gossip9 Admin
