වීඩියෝව
වචනයෙන්
මේෂ
හදීසි වැඩ කටයුතු පැවරෙන දිනයකි. වියදම් පක්ෂය පාලනය කර ගත යුතුයි. කලබලකාරි මානසික තත්ත්වයක් සහිත දවසකි.
වෘෂභ
විශේෂ මුදල් ලාබවලට ඉඩ ඇති දවසකි. අනුමානයට කරන කටයුතු සාර්ථකවේ. වැඩිමහල් සහෝදර සහෝදරියන්ගෙන් උදව් ඉල්ලීමට සුදුසුය.
මිථුන
ප්‍රේම සබඳතාවලට පවතින බාධා ඉවත්වේ. මව් පාර්ශවයේ ඥාතින් හමුවීමට සුදුසු දවසකි. ජලාශ්‍රිත කර්මාන්ත ආශ්‍රිත රැකියාවල නියුතු අයට සුබ ප්‍රතිඵල ලැබේ.
කටක
හදීසි ගමන් බිමන් යෙදේ. දුර පළාතක වෙසෙන අය ගැන කල්පනා කරන දවසකි. සුදු හෝ ක්‍රීම් පැහැති ඇදුම් ඇදීමෙන් සුබ ප්‍රතිඵල වැඩිවේ.
සිංහ
අලුත් වැඩ කටයුතුවලට නුසුදුසු දවසකි. මිය ගිය අයෙකු පිළිබඳව මතකය අලුත් වන දවසකි. ජීවිතයට ගරු කිරිමෙන් සහ ජීවිතයට භක්තිවන්ත වීමෙන් වාසනාව උදාවන දිනයකි.
කන්යා
ප්‍රීති උත්සව සාර්ථක වන දවසකි. සුවදායක නින්දක් ලැබේ. චංචල සිතිවිලි ඇති වන දවසකි.
තුලා
තරගවලින් ජය ලැබේ. සතුරන් මර්දනය කරන්නට පුළුවනිය. සේවක ගැටලු විසඳා ගත හැකිය.
වෘෂ්චික
අධ්‍යාපන කටයුතු සාර්ථකවේ. ප්‍රේම සබඳතාවලට යම් යම් බාධා ඇති වේ. ඔබගේ දරුවන්ගේ කටයුතු සාර්ථක වේ.
ධනු
කෝපකාරි සිතිවිලි පාලනය කර ගත යුතුය. ඥාතින් සමග කරන කටයුතුවලින් තාවකාලිකව ඉවත් විය යුතුය. තෑගි බෝග බලාපොරොත්තුවෙන් කරන කටයුතු සාර්ථක වේ.
මකර
කවුරු හරි ඔබව වර්ණනා කිරිමට ඉඩ තිබේ. හොඳ ඇඳුම් පැළඳුම් ලැබෙන දවසකි. නිවසින් පිටත කාලය ගත කිරීමෙන් තමයි වාසනාව වැඩිපුර උදාවනු ඇත.
කුම්භ
අන් අයට සමාව දීමෙන් වාසනාව උදාවේ. වියදම් වැඩි විය හැකි දවසකි. යම් යම් උපකරණ කැඩී බිදි යාමට ඉඩ ඇත.
මීන
ඕනෑම අලුත් කටයුත්තක් ආරම්භ කිරීමට සුදුසු දවසකි. හිසේ උෂ්ණ ගතිය ඉවත්ව යන දවසකි. භාවනාව යෙදීම වැනි කටයුතු සාර්ථක කර ගත හැකිය.
