නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය ස්වයංක්‍රීයව ඇනහිට ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
නොරොච්චෝලේ බලාගාරායේ සිට වේයන්ගොඩ දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැනක ඇතිවූ දෝෂයක් නිසා මෙසේ බලාගාරයේ විදුලි උත්පාදනය ඇනහිට ඇති බව සඳහන්ය.
මේ නිසා ජාතික විදුලිබල පද්ධතිය මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් අහිමි වී ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
ලක්විජය බලාගාරයේ විදුලි උත්පාදනය නවතියි
2012-08-08T06:13:00-07:00
Gossip9 Admin
