අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදීමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපක්ෂපාති හා ස්වාධීන විය යුතු යැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති මෙන්ම ජනාධිපති නීතීඥ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා අවධාරණය කරයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ (13) රැස්විය.
මෙරට අධිකරණයේ ස්වාධීනත්වය සඳහා කිසිදු පාර්ශවයක මැදිහත්වීමක් හෝ බලපෑමක් සිදුනොවිය යුතු බවට එහිදී සාකච්ඡා කෙරුණු බව විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
අදාළ අපරාධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගවිනිසුරුවරිය හමුවීමට සහ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමට ද එහිදි තීරණය වී තිබේ.
