Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


මාලිනී ෆොන්සේකා තැබූ වාර්තාව උදයන්ති සම කරයි..

ගෙදරට හොරු පැනලා,  ගෙදර තිබුණු හැමදෙම අරගෙන ගිහින්...

රත්තරං බඩු, සල්ලි, ලැප්ටොප්....?..ලක්ෂ දොළහකටත් වඩා වැඩියිලු...

පුංචි තිරයේ ජනප්‍රිය සම්මානනීය නිළියක වන උදයන්ති කුලතුංගත් පසුගියදා ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ වාර්තාවක් තැබුවා. ඒ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන භව සරණ ටෙලි නාට්‍යයේ රංගනයට එකතුවෙමිනුයි.

උදයන්ති භව සරණ ටෙලි නාට්‍යයේ සුභද්‍රා, සමනලී, මුදිතා , වත්සලා සහ අවතාරයක් ලෙසින් චරිත පහක් රඟපානවා. ඒ වගේම එම ටෙලි නාට්‍යය භව තරණ ලෙසින් සිනමාවටත් නැගුණා.

එහිදී ඇය එම චරිත 5 ම රඟපාමින් මාලිනීගේ වාර්තාව සම කළා. තමන් රඟපාන කවර චරිතයටත් සාධාරණය ඉටුකරන නිළියක් ලෙස ප්‍රකට උදයන්තිගේ රංගන ජීවිතයේ මේ සුවිශේෂ අවස්ථාව ගැන වගේම ඇගේ ජීවිතයෙහි නවතම තොරතුරුත් දැනගන්න අපි උදයන්ති කුලතුංගට කතා කළා.

මේ ඇයගේ හඬින්...

මුලින්ම අපි උදයන්තිගේ රංගන ජීවිතයේ උදා වූ මේ විශේෂ අවස්ථාව ගැන කතා කරමු.
දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන භව තරණ චිත්‍රපටය හා භව සරණ ටෙලි නාට්‍යය එකම කථාවක් චිත්‍රපටයක් හා ටෙලි නාට්‍යයක් විදියට නිර්මාණය කෙරුණු අවස්ථාවක්. දෙකේම රූගත කිරීම් තිබුණේ එකට. මාස 8 ක පමණ කාලයක් මේ සඳහා ගත වුණා. මෙම නිර්මාණයේ මම චරිත 5 ක් රඟපානවා.

ඒ චරිත 5 ගැන කතා කළොත්
සුභද්‍රා කියන්නේ ලන්දේසි යුගයේ වලව්වක ජීවත් වූ ළමා තැනීකෙනෙක්. සමනලී කියන්නේ ඇගේ මේ භවය. වයස අවුරුදු දහයක විතර ළමයකුගේ මානසික මට්ටමක් තියෙන සමනලී මන්ද මානසික තරුණියක්. සමනලීට මිහිරි හඬක් තියෙනවා.

ඒ හඬට ආදරය කරන සංගීතවේදියෙක් Udayanthi2ඇය මන්ද මානසික මට්ටමක තරුණියක් බව වසන් කරලා ලස්සනට සරසලා වත්සලා කියන නමකින් ගායන ලෝකයට එකතු කරගෙන එනවා. සමනලීගෙ පියාගෙන් වෙනත් ගැහැනියකට දියණියක් ඉන්නවා. ඇය මුදිතා.

මුදිතා කියන්නේ මුඩුක්කුවක ඉන්න කටකාර ගැහැනියක්. මේ අතර සමනලී මිය යනවා. සමනලීගේ භූතාත්මය සැරිසරනවා. මේ චරිත 5 ම රඟපාන්නේ මම.

නිළියකට ලැබෙන සුවිශේෂ අවස්ථාවක් උදයන්තිට උදාවුණේ......?
ඇත්තෙන්ම ඔව්, මම මේ නිර්මාණය වෙනුවෙන් මාස 8 ක් විතර වෙන් කරලා තිබුණා. ඒ කාලය තුළ ලැබුණු නිර්මාණ රාශියක් ප්‍රතික්‍ෂේප කළා. ඒ වගේම සමනලීගෙ චරිතය වෙනුවෙන් මන්ද මානසික මට්ටමේ ඉන්න අයව මුණ ගැහිලා ඒ වගෙ අයගෙ හැසිරීම් අධ්‍යයනය කළා.

කලා නිර්මාණයක් වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරලා තෘප්තිමත්ව ගෙදර එද්දී මුහුණ දුන්නේ අතෘප්තිමත් අත්දැකීමකට.......
ඔව්, මම එකදිගට මාස කිහිපයක් දුර පළාතක ඉන්නකොට අම්මට තනියම ගෙදර ඉන්න බැරි හින්දා හිටියේ අක්කලගෙ ගෙදර. අපේ ගෙදර ඉන්නේ අම්මයි මමයි විතරයිනේ.

ඉතින් අපි ආයෙම ගෙදර එද්දී දකින්න ලැබුණේ දොරවල් ජනෙල් කඩල දාපු ගෙයක්. රත්තරං බඩු, සල්ලි, ලැප්ටොප් ඇතුළු ගෙදර තිබුණු වටිනා බඩු මොකුත්ම නැහැ. ගෙදරට හොරු පැනලා,  ගෙදර තිබුණු හැමදෙම අරගෙන ගිහින්.

නැති වූ බඩු මුට්ටුවල වටිනාකම කීයක් විතරද?
ලක්ෂ දොළහකටත් වඩා වැඩියි.

නිතියේ පිහිට පැතුවෙ නැද්ද..?‍
පොලිසියට කිව්වා. ඒත් තවම හොරු ගැනවත් නැති වූ බඩුමුට්ටු ගැනවත් කිසිම ආරංචියක් නැහැ.

ඒ වේදනාකාරී අත්දැකීමට මුහුණ දුන්නේ කොහොමද?
ඒ වගෙ දෙයක් වෙලත් දුක් වුණේ නැහැ කිවුවොත් පුදුමයක්නේ. මමත් දුක්වුණා. ඒත් මොනදේ සිදුවුණත් මහා හයියෙන් හඬා වැටිලා ඒ මත්තේම හැපෙන සිරිතක් මට නෑ. මොනව කරන්නද මේ සිදු වූ දේ ගැනත් හිත හදාගත්තා.

ජීවිතයට රැකවරණයක් දෙන්න කෙනෙක් හිටියනම් මේ වගෙ දේවල්වලදී උදයන්තිට ලොකු ශක්තියක් ලැබෙයි.......
ජීවිතයට රැකවරණයක් ලබාගන්න ජීවිතයට ළංකරගත්තු අය හින්දා දුක් විඳන කාන්තාවෝ අනන්නවත් අපේ සමාජයේ ඉන්නවා. ආදරයෙන් ලැබෙන පිරිමි තමන්ගෙ බිරිඳ වෙනුවෙන් ම කැපවෙලා වැඩිම වුණොත් අවුරුද්දක් ඉඳීවි. ඊට පස්සෙ තව පෙම්වතියක් හොයාගනීවි. ඒක අද සමාජයේ ‍පොදු දෙයක්.

තමන්ගෙ බිරිඳට පණවගේ ආදරය කරන හොඳ පිරිමිත් මේ සමාජයේ ඇත්තේම නැද්ද.......?
එහෙම කෙනෙක් මුණගැහුණු දාක මමත් එයාගෙ බිරිඳ වේවි.

තනිකඩව ඉන්න හින්දා නේද උදයන්ති මේ තරම් කටකතා අහගන්නේ..?
ඔය කටකතා හදන අය එහෙම කරන්නේ තමන්ගෙ මානසික මට්ටම අනුව තමන් ආශා කරන දේවල් ලබා ගන්න බැරි අය ඒ දේවල්වලට වෛර කරනවා. මට බණින කටකතා හදන අයගේ හිත්වල තියෙන දේවල් තමයි කටකතා විදියට නිර්මාණය වන්නේ. මම ඒවා ගැන හිතලා කම්පා වෙන්නේ ඇයි?

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su