Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට ආධාර කළ පුද්ගලයෙක්ට වසර 35 සිර දඬුවමක්හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීම සඳහා ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකාවකට අධාර ලබාදුන් බවට වරදකරුවු පුද්ගලයෙකුට වසර 35ක සිර දඬුවමක් නියම කර තිබේ.

කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් මෙම නඩු තීන්දුව ලබාදුන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි රඹුක්කන ප්‍රදේශයේ පදිංචි එස්. සූරියකුමාර් නැමැති පුද්ගලයෙකුට එරෙහිවයි.

2005 වසරේ අප්‍රේල් 25 වැනි දින යුද හමුදා මුලස්ථානය තුළදී එවකට හමුදාපති මේජර් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා බෝම්බයක් පුපුරුවා හැර ඝාතනය කිරීමට තැත්කළ මංජුලා දේවී නැමැති කාන්තාවට ආධාර කිරීම සම්බන්ධයේ එම පුද්ගලයාට එරෙහිව නඩු පවරා තිබුණි.

යාපනයේ පදිංචි අදාළ කාන්තාව රඹුක්කනට කැඳවාගෙන ඒමත්, රඹුක්කනදී ඇයට නවාතැන් සැපයීමත්, වැලිවේරිය ප්‍රදේශයේ කුලී නිවසක් සපයාදීමත්, ඇය ත්‍රස්තවාදි සංවිධානයක සාමාජිකාවක් බව දැන දැනත් පොලීසියට නොදැන්වීමත් යන ‍චෝදනා 4 යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබිණ.

දින 30ට අධික කාලයක් නඩුව විභාග කිරීමෙන් පසු පළමු චෝදනා 3ට වසර 10 බැගින්ද 4 වැනි චෝදනාවට වසර 5 ක සිර දඬුවමක් ද කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය විසින් නියම කරන ලදී.

ඒ අනුව අදාළ චෝදනා 4 සඳහා එම පුද්ගලයාට වසර 35 ක සිර දඬුවමක් නියම කෙරිණි. 


පවත්නා නීතිමය විධිවිධාන හේතුවෙන් අධිකරණ තීන්දුවලට අදාළ ප්‍රවෘත්තිවලට Comments පළකිරීම අත්හිටුවා ඇති බව කරුණාවෙන් සලකන්න.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su