Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


ගුවන්තොටුපලේදී දිවි නසා ගැනීමට හැදූ ලාංකීය නිරූපිකාව ලංකාවට එවයි

දින දෙකක් නිරාහාරව ඉන්දියාවේ ගුවන්තොටුපලක ඉඳලා

ශ්‍රී ලාංකික මෝස්තර නිරූපණ ශිල්පිනියක් ඉන්දිරා ගාන්දි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ දින දෙකක් පුරා නිරාහාරව සිටිමින් සියදිවි හානි කරගැනීමට උත්සාහ ගත් පුවතක් වාර්තා වනවා.

25 වන වියේ පසුවන ෂම්ලා ඉන්දියාව බලා ගොස් ඇත්තේ මෝස්තර නිරූපණ සැසියකට සහභාගී වීමටයි. එය නිමා වීමෙන් පසුව නැවතත් ලංකාවට පැමිණීමට නියමිතව තිබී ඇත්තේ පසුගිය 05 වන බදාදා දිනයේ දීයි.
නමුත් ඇයට නියමිතව තිබූ ගුවන් යානයේ නැඟී සිය රටට පැමිණීම පසෙක ලා ඇය ගුවන්තොටුපලේ පිට වීමේ පර්යන්තයේ Terminal-3 හි රැඳී සිටිමින්,
ඇවිදිමින් සිටීම නිසා ගුවන් තොටුපල ආරක්ෂක අංශ නිළධාරීන්ගේ අවදානය යොමු වී තිබෙනවා.

මෙලෙස ගුවන්තොටුපල පිටවීම් පර්යන්තයේ හි දින දෙකක් තිස්සේ සිටි මෙම තරුණිය නිරාහාරව මෙන්ම නින්දක් ද නොමැතිව සිට ඇති අතර කිසිවකු හා කතා කිරීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා. එමෙන්ම ගුවන් තොටුපල ඉහල මාලයේ අත් වැටෙන් පැන සිය දිවි නසා ගැනීමට ද කිහිප විටක් ම උත්සාහ කර ඇත.

මෙම තරුණියගේ මෙම අසාමාන්‍ය හැසිරීමට හේතුව කිසිවකු විසින් ඇයට ලිංගික බලහත්කාරකමක් කිරීමට සැරසීම නිසා සිදු වූ මානසික අවපීඩන තත්වයක් බවට සඳහන් වන නමුත් වෛද්‍ය වරුන් මෙලෙස කිසිම ආකාරයකින් බලහත්කාරකමක් සිදු කර ඇති බවට තහවුරු කරන්නේ නැහැ. එසේ වුවත් ඇයට ප්‍රථිකාර කළ උපදේෂක වරයා පවසන්නේ ලිංගික බලහත්කාරකමක් සිදු වී නැති උවද යමෙක් විසින් එවැනි ක්‍රියාවක් කිරීමට උත්සාහ දරා ඇති බවයි.

කෙසේ වෙතත් මෙම නිරූපණ ශිල්පිනිය විසින් ගුවන්තොටුපල ආරක්ෂක අංශ වෙත හෝ පොලීසිය වෙත කිසිම පැමිණිල්ලක් කර නොමැති බවයි ඔවුන් පවසන්නේ.

මෙම සිද්දිය සම්බන්ධයෙන් මධ්‍යම කාර්මික ආරක්ශක බලකා නිළධාරියකු පවසන්නේ මෙවැන්නක්.

"ඇය ඇගේ ජීවිතයට හානියක් කර ගනීවි කියල අපි බය උනා. අපි උත්සාහ කළා ඇය සමඟ කතා කරන්න. නමුත් ඇය අපිට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. ඇයට යාමට තිබූ ගුවන් යානය මඟ හැරුණු බව පැවසුවා. අන්තිමේදි අපි උපදේශක වරයකුගේ සේවය ලබා ගත්තා"

මධ්‍යම කාර්මික ආරක්ශක බලකායේ මහජන සම්බන්ධතා නිළධාරි, හේමේන්ද්‍ර සිං මෙලෙස පවසා තිබෙනවා.

"මේ කාන්තාවට දෙසැම්බර් 5 වෙනි දින ශ්‍රී ලංකාව බලා යාමට තිබූ ගුවන් යානය මඟහැරී තිබෙනවා. ඇයට සිදු උනේ කුමක්ද කියල කියන්න මට බැහැ. නමුත් ඇය විසින්ම හුදකලාව ඉඳල තියනවා. කෙසේ නමුත් සිකුරාදා රාත්‍රියේ දී ඇයව ඇගේ මව් රටට පිටත් කර හැරියා."

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su