Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


මගේ දේශපාලන දැනුම බින්දුවයි. ඒ නිසා මට දේශපාලන සබඳතා නැහැ

මම කොහේ ගියත් අම්මා පිටුපසින් සිටිනවා.

මේනකා පීරිස් යනු ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි. එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.

ඒ සමඟම දෙහිවල-ගල්කිස්ස නගරාධිපතිවරයා හා මර්වින් සිල්වා අමාත්‍යවරයා සමඟත් මේනකාගේ සමීප ඇසුරක් තිබෙන බව කටකතා පැතිරුණත් ඇය ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා.
මේ අතර පුවත්පතකට ඇය නැවතත් ප්‍රකාශ කර තිබෙන්නේ තාමාගේ දේශපාලන දැනුම බින්දුව නිසා දේශපාලනයට සම්බන්ධ මිනිසුන්
හඳුනන්නේ නොමැති බවයි.

මේනකා කටකතා වලට බයද?
බය නැහැ. නමුත් කටකතා හැදෙනවා. මිනිස්සුන්ගේ සිතුවිලි සහ කතාකරන විලාසය අපට ඕනෑ විදිහට වෙනස් කරන්න බැහැ. ඒ හින්දා කටකතා හැදෙන එක බොහොම සාමාන්‍ය දෙයක්. මම ඒකට හරි කැමතියි. නමුත් කරන්න දෙයක් නැහැ. මේ ක්ෂේත්‍රයේ ඉන්නවා නම් අපට ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා.

ඔබ ගැනත් පසුගිය කාලයේ හරියට කතා පැතිරුණා.
එක එක කතා තිබුණා. අම්මා එක්කයි මගේ ජීවිතය ගෙවෙන්නේ. මම කොහේ ගියත් අම්ම පිටුපසින් සිටිනවා.

පැතිරුණු කටකතා බොරු කියලද කියන්නේ?
පැතිරුණු කතා බොරු. කටකතා කියන ඒවා විශ්වාස කරන්න බැහැ. මිනිස්සු ඇස් දෙකෙන් දැකලා නෙවෙයිනේ ඕවා කියන්නේ.

නර්තන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙස යන ගමනට දේශපාලන සබඳතා කොයිතරම් වටිනවද?
මම නම් දන්නේ නැහැ. අනික මට එහෙම සබඳතා නැහැ. ඒක නිසා මම ඒ ගැන කියන්න දන්නේ නැහැ. අපේ වැඩේ අපි හරියට කරනවා නම් දේශපාලන සහයෝගයක් අවශ්ය නැහැ කියලයි මම නම් හිතන්නේ.

මේනකාටත් හරියට දේශපාලන සබඳතා කියනවා කියන්නෙ?
ඇත්තටම දේශපාලන ගැන මගේ දැනුම බින්දුවයි. දේශපාලනයට සම්බන්ධ මිනිසු මම අඳුරන්නේ නැහැ. ඒ නිසා කටකතා සියල්ලම බොරු. ඒවාට පසුගිය කලයේ කිසි පිළිතුරක් නොදී හිටියෙත් ඒකයි.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su