Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


චතුරිකා හැමෝම ඉදිරියේ සම්බන්ධයක් ඇති බවට පිළිගත්තා.

ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා

ගයානුයි චතුරිකායි මොකවත් නොදන්න ගානට තමයි අද කතාකරන්නේ

ගයාන් හා චතුරිකාගේ නිරුවත ගයාන්ගේ බිරිඳ හෙළි කරයි...
පසුගිය සතියේ අප ලිපියක් මගින් රොෂාන් පිලපිටිය හා චතුරිකාගේ සම්බන්ධය බිඳ වැටීම පිලිබඳ හා ඒ පිළිබඳව එකිනෙකා නගන චෝදනා ඉදිරිපත්කරනු ලැබුවා. එහිදී චතුරිකා විසින් එම සම්බන්ධය බිඳ වැටීමට තුනවන්නෙක් නොමැති බව පවසමින් රොෂාන් පිලපිටිය
සමලිංගිකයෙකු බව අඟවා තිබුනා.

රොෂාන් පිලපිටිය අප වෙත පැවසුවේ ඇය ගයාන් වික්‍රමතිලක සමග සමග සම්බන්ධයක් ආරම්භකොට ඇති බවයි. දෙදෙනාට දෙදෙනා මෙම චෝදනා එල්ල කරන ලද පරිසරයක බොහෝ දෙනා බලා සිටියේ මෙහි ඇත්ත කතාව කුමක්ද යන්නයි.

ඒ අනුව චතුරිකාගේ චෝදනා පුස්සක් බවට පත්කරමින් රොෂාන් පිලපිටියගේ චෝදනා ගයාන් වික්‍රමතිලකගේ බිරිඳ වන ෆර්ෂිනා ලතීෆ් විසින් හෙළිකොට තිබෙනවා.පහත ඇත්තේ ඇගේ හෙළිදරව්වයි.

"ගයානුයි චතුරිකායි මේ ගැන මොකවත් නොදන්න ගානට තමයි අද මාධ්‍යයට කතාකරන්නේ. නමුත් මේ පවුල්වලට සම්බන්ධ හැමෝම දන්නවා ඇත්තටම සිදුවුණේ මොකක්‌ද කියලා. මේ දෙන්නගේ සම්බන්ධය නිසා අද මම දරු පැටව් දෙන්නෙක්‌ සමග අන්ත අසරණයි.

පසුගිය කාලේ ෂූටින් කිය කියා ගයාන් නිතරම ගෙදරින් පිටවෙලා ගියා. ඒ වෙනකොට මම දැනගෙන හිටියේ නැහැ මේ වගේ සම්බන්ධයක්‌ ඇතිකරගෙන තිබෙන බව. මම හිතුවේ ඇත්තටම එයාට ගොඩක්‌ වැඩ ඇති කියලයි.

අන්තිමට ඒ හැමදෙයක්‌ම එළිවුණා. ඊට පස්‌සේ චතුරිකයි එයාගේ අම්මයි තාත්තයි රොෂානුයි අපේ ගෙදර ආවා මේ ගැන කතාකරන්න. ඒ වෙලාවේ මගේ අම්ම තාත්තත් හිටියා. අපි මේ ගැන අහනකොට චතුරිකා අපි හැමෝම ඉදිරියේදී පිළිගත්තා ගයාන් එක්‌ක ආදර සම්බන්ධයක්‌ තිබෙන බව.

මම කවදාවත් ගයාන්ව ගෙදරින් එළියට දැම්මේ නැහැ. මම කොහොමද එහෙම කරන්නේ. මම එහෙම කළොත් දරුපැටව් දෙන්නයි මාවයි බලාගන්නේ කව්ද. නමුත් එයා මාධ්‍යයට කියලා තිබුණා මම එයාව ගෙදරින් එළියට දැම්මා කියලා. ඒක බොරුවක්‌. මේ හැම දෙයක්‌ම එළිවුණහම එයාම තමයි ගෙදරින් දොට්‌ට බැහැලා ගියේ.

ගයාන්ට මීට කලිනුත් ඔයවගේ සම්බන්ධකම් තිබුණා. එතකොට අපිට දරුවෝ හිටියේ නැහැ. ඒ දේවල් නිසා මම එයාගෙන් අයින් වෙන්න හිතාගෙන ඉන්නකොට එයාම ඇවිත් මගෙන් සමාව අරගෙන ආයේ එහෙම දෙයක්‌ වෙන්නේ නැහැ කියල පොරොන්දු වුණා. නමුත් ඒ පොරොන්දුව ආයේ එයා කැඩුවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු පහයි. පොඩිපුතාට වයස අවුරුදු එකහමාරයි.

මම දන්න විදිහට ඇත්තටම මගෙන් එයාට කිසි වරදක්‌ වෙලා නැහැ. ඒත් පසුගිය කාලේ එයා දිගින් දිගටම මාත් එක්‌ක රණ්‌ඩුකරන්න පටන් ගත්තා. නිතර නිතර මට පහරදුන්නා. ඒ වෙලාවට මම ඇහුවා ඇයි මට මෙහෙම කරන්නේ කියලා. සමහර දවස්‌වලට පාරේ බැහැලා යන්න බැරිතරමට මම ගුටිකාලා තියෙනවා. ඒ වෙලාවට එයා කියන්නේ මාත් එක්‌ක ජීවත් වෙන්න බැහැ කියලා.

මම දරුදෙන්නෙක්‌ගේ අම්මා කෙනෙක්‌. මාව අසරණ කළා මදිවට මාධ්‍යයෙනුත් මට මඩ ගහන එක කොච්චර වැරදිද. එහෙම වුණහම මම කොහොමද දරුදෙන්නත් එක්‌ක සමාජෙට මුහුණ දෙන්නේ. ඒ නිසයි මගේ නිර්දොෂි භාවය වෙනුවෙන් මේ ටික හරි මාධ්‍යට කියන්න හිතුවේ.

ගයාන් කියලා තිබුණා රොෂාන් පිලපිටියයි අපේ පවුලේ අයයි මමයි එකතුවෙලා එයාගෙන් පලිගන්න එයාට මඩගහනවා කියලා. ඇත්තටම රොෂාන්ව මීට කලින් මම කවදාවත් හමුවෙලාවත් කතා කරලවත් තිබුණේ නැහැ. ඒ කතාව බොරුවක්‌. මම රොෂාන්ව දැනගෙන හිටියේ නළුවකේ විදිහට විතරයි.

ගයානුයි මමයි විවාහවෙලා අවුරුදු හතක්‌ වෙනවා. එත් අද දරු දෙන්නත් සමග මම තනිවෙලා. කඩවත පැත්තේ රෙන්ට්‌ එකට ගත්ත ගෙදරක තමයි තවමත් අපි ජීවත් වෙන්නේ.

මම මැලේ ජාතික කෙනෙක්‌. මම ගයාන් එක්‌ක විවාහ වුණේ ලොකු විශ්වාසයකින්. ගයාන්ගේ ආගම බෞද්ධ. ඒ නිසා මමත් මගේ ආගම පවා අත්හැරලා බෞද්ධ වුණා. මම අදත් බුදුන්ට මල්පහන් පූජා කරනවා. මේ හැමදේම වෙනස්‌ වුණේ එයා වෙනුවෙන්.

නමුත් අද මගේ පිහිටට ඉන්නේ මගේ දෙමව්පියෝ විතරයි.

නීතිමය උපදෙස්‌ මත මම මේ ගැන කඩවත පොලීසියේ පැමිණිල්ලක්‌ දැම්මා. අපි මුණගැසුණේ මහේන්ද්‍ර පෙරේරාගේ ඩ්‍රාමා ක්‌ලාස්‌ එකේදී. එයා නිසා මම කලා කටයුතුවලිනුත් ඉවත්වුණා. මේ හැමදේම කැප කරපු මට එයා අද සැලකුවේ මේ විදිහටයි".


__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su