
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී ප‍්‍රශ්නපත‍්‍රවල පවතින දෝෂ සහ ප‍්‍රශ්න පත‍්‍රවල පවතින වැරදි අඩුපාඩු පෙන්වා දෙමින් සිසුන්ගේ මානසිකත්වය බිඳ වැටෙන අයුරින් කි‍්‍රයා නොකළ යුතු බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය ප‍්‍රකාශ කර සිටී.
විභාගය ආරම්භ වූ දින සිට ප‍්‍රශ්නපත‍්‍රවල අඩුපාඩු මෙලෙස මාධ්‍ය හරහා ප‍්‍රචාරය කිරීම හරහා සිසුන්ට ඉදිරි ප‍්‍රශ්නපත‍්‍ර උදෙසා නිරවුල් මනසින්
මුහුණ දීමට තිබෙන ඉඩකඩ ගිලිහී යන බවද එහි ලේකම් අජිත් තිලකරත්න මහතා පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය යනු තම පාසල් දිවියෙහි වසර 11 පුරා ලබා
ගත් දැනුම මගින් එය අනාගතය තීරණය කිරීමට සිසු දරුවාටම ලැබෙන අවස්ථාවක් බවද ඔහු සඳහන් කරයි.
මෙහිදී ලබන ප‍්‍රතිඵල තුළින් උසස් පෙළ විෂය ධාරා තෝරා ගැනීම සිදු වේ. මේ නිසා සියලූ සංගම් ඒ දරුවන්ට ආදරයෙන් විභාග ප‍්‍රශ්න පත‍්‍රවල දෝෂ ප‍්‍රසිද්ධ කිරීමෙන් වැළකී සිටිය යුතු බවද අජිත් තිලකරත්න මහතා අවධාරණය කර සිටී.
