
ශ්‍රී ලංකාවේ දරුවෙකු කුරාණය කටපාඩමින් කියවා ලොව පළමු තැන දිනාගෙන තිබේ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි රිස්කි මොහොමඩ් රිස්කාන්ට් නැමති වයස අවුරුදු 14 ක දරුවෙකු විසින් මෙම දස්කම සිදු කර තිබේ.
අදාල තරගාවලිය සෞදි අරාබියේ පවත්වා ඇති අතර ඊට රටවල් 83
ක් සහභාගීවී තිබේ.
එම ජයග්‍රහණය ගබාගත් රිස්කි මොහොමඩ් රිස්කාන් අද අලුයම දිවයිනට පැමිණි අතර රිස්කාන් පිළිගැනීම සදහා බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබද අමාත්‍ය එම්.කේ.ජී.එස්. ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් කටුණායක ගුවන් තොටුපල වෙත ගොස් සිටියේය.
