අගවිනිසුරුවරියගේ නිලය අහෝසි වීමත් සමග ඇයට දී තිබූ ආරක්ෂාවද ඉබේම ඉවත් වන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසුවේය.
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරය දරන කාලයේදී ඇයගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ලබා දී තිබුණි.
කෙසේ වෙතත් නීතිඥ එකමුතුවේ සමාජික සුනිල් වටගල කියා සිටියේ ඇය ධූරයෙන් ඉවත් කළ දිනයේ සිටත් පෙර පරිදිම ආරක්ෂාව දී තිබු බවයි.
මේ අතර ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී වැලිඅමුණ මහතා ද පැවසුවේ තමා දන්නා පරිදි ඊයේත් (19) ඇයට
ආරක්ෂාව සලසා දී තිබු බවයි.
