ගොළු මුහුද තිබුණත්, ත්‍රස්තවාදය තිබුණත්, විරුද්ධවාදීන් හිටියත් මොන තරම් මාධ්‍යයෙන් අපහාස කළත් තමා අත පය හකුළන්නේවත් සැඟවෙන්නේවත් නැති බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි
කැලණිය ප්‍රදේශයේ අද (20) පෙරවරුවේ පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අතපය දිග හැර, කොන්ද කෙළින් තබාගෙන ගම්පහ දිස්ත්‍රීක්කයටත්, තමුන්නාසේලාටත් සේවය කරන බව ඔහු එහිදී අවධාරණය කළේය.
තමන් මේ දවස්වල කතා නොකරන බවද කතා කරන්නේ කෑමට පමණක් බවද අමාත්‍යවරයා කීවේය.
එසේම තමා කැලණියට ආවේ මරණ වෙන්දේසියේ දාලා නොවන බවත් එදා තමන් කැලණියට එනවිට තිබු තත්ත්වයත් අද තත්ත්වයත් ජනතාව හොඳින් දන්නා බවද ඔහු පෙන්වාදුන්නේය.
බුදු බණ දන්නා තමන් නොසෙල්වී, නොසැලි,. බිය නොවී සිටින්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
ජනතාවගේ ශක්තිය තමාගේ ශක්තිය බවද මර්වින් සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.