ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ අභියාචනාධිකරණයට ලබාදී ඇති අර්ථනිරූපනය එය වන බව අද (03) අභියාචනාධිකරණය සඳහන් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පවසයි.
අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය හෝ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහි චෝදනා විමසුම එකී විනිසුරුවරුන්ගේ අයිතිවාසිකම්වලට හා අධිකරණ පද්ධතියට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බැවින් එවැනි චෝදනා ඇත්නම් විභාග කළ යුත්තේ අධිකරණමය බලයක් ඇති ආයතනයක් විසින් බව අභියාචනාධිකරණය විසින් පෙන්වා දී ඇත.
ඒ අනුව අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසීම සඳහා පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කර
ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 (1) ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ඒ) පදනම් කරගෙන බව අභියාචනාධිකරණයේ අදහස වී තිබේ.
එබැවින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 (ඒ) යනු නීතියක් නොවන බැවින් ඒ මගින් පත් කරන ලද කමිටුවකට අධිකරණ බලයක් නොපවත්නා බව සඳහන්ය.
එබැවින් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විමසීම සඳහා පාර්ලිමේන්තුව විසින් කළ යුතුව ඇත්තේ අධිකරණ බලයක් හිමි මණ්ඩලයක් හෝ ආයතනයක් ස්ථාපිත කිරීම බව අධිකරණයේ නිගමනය වන බව අප අධිකරණ වාර්තාකරු කියා සිටියි.
අභියාචනාධිකරණ සභාපති එස්. කන්දරාජා, අනිල් ගුණරත්න,ඒ. ඩබ්ලිව්. සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණ අනුව මෙම නියෝගය ලබාදී තිබේ.
-Resh3neg Lanka News