Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.

සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ

එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ. 

දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් පසුව දියණියගේ රණවිරු පියා තම ජීවිත ආරක්ෂාව හා දියණියගේ අනාගතය ගැන කල්පනා කර දකුණු පළාත අතහැර බස්නාහිර පලාතට ගොස් ජීවත් වී තිබේ.

නමුත් තම මව වෙනුවෙන් වාර්ෂිකව පවත්වන ආගමික වතාවත්වලට සහභාගි වීම සඳහා පියා සමඟ ඇය පසුගිය දෙසැම්බර් 26 වනදා තම ගම්පළාතට ගොස් තිබේ.

නැවත ගම්පළාතට ගිය දියණියට පැමිණි පීඩනයන් හා සමාජීය පීඩනය දරා ගත නොහැකිව එම දියණිය වස පානය කර සිය
දිවි හානි කරගෙන තිබේ

සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ

සාරුව සුනිල්ගේ සභාපති ධූරය මෙන්ම සභික ධූරයද අත් හිටවූ නිසා ඇප ලබා ඔහු දැන් ජීවත් වන්නේ සාමාන්‍ය පුරවැසියෙක් ලෙස පමණි.

අපචාර සිද්ධිය නිසා ඔහුගේ කීර්ති නාමය සම්පුර්ණයෙන්ම විනාශ වූ අතර එය නැවත ගොඩ නගා ගැනීමේ අසාර්ථක උත්සයක නිරත වී සිටින අතර එහි එක් සැලසුමක් පසුගියදා ක්‍රියාත්මක විය.

එය වෙන පුද්ගලයෙකුට හිමිව තිබෙන ලොතරැයි දිනුමක් මුදල් දී මිලදී ගෙන තාම ජයග්‍රහණය කළා මෙන් ඉදිරිපත් වීමයි. 2013/01/30 දින ජාතික සම්පතෙහි ජයග්‍රාහකයා වශයෙන් රුපවාහිනියට ඉදිරි පත් වූ ඔහු මෙමගින් බලාපොරොත්තු වන්නේ නැවත ජනප්‍රිය වීමටත් තම ව්‍යාපාර සදහා බදු නිදහසක් ලබා ගැනීමටත් කදිම අවස්ථාවක් බැවිනි.

තවද අකුරැස්ස ගැංහල විහාරස්ථානය ගොඩ නැගීමට මෙම මුදලින් උපකාර කරන බැව් පවසා ඇති අතර තමාගේ චරිතයට සුදු හුණු ගෑමක් සිදු කරන්නේ නැවත ඉදිරි මැතිවරණයකට ඉදිරි පත් වීමේ පටු චේතනාවකින් බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su