Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


නිර්භයා යනු ඉන්දියාවේදී බස් රථයකදී බලහත්කාරයෙන් දුෂණය කොට මරා දැමු තරුණියකි.

ඇගේ මරණය නිසා මුළු ඉන්දියාවේ යුක්තිය සමාජ සාධාරණත්වය අගයන ජනයා වීදි බැස දූෂකයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසට පාලකයන්ට බල කළහ.

ඒ නිසා දැන් නිර්භයා දුෂණය කොට මරා දැමු දූෂකයන් පෝරකය හමුවේ සිටිති. නමුත් ලංකාවේ දිනකට කාන්තාවන් පස් දෙනකුවත් අවම වශයෙන් දුෂණය වෙති. එහෙත් මුළු සමාජයම නිහඬය. 


එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් බාල වයස්කාර දැරිවියක් විසින් දුෂණය කරන ලදී. ඒ ඔහුගේ 200 වන බිල්ල සැමරීමටය. මෙම දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇත. දැරිය ජිවත් වුයේ දරිද්‍රතාවය මැද ය. ඒ නිසා ඇය පහසුවෙන් සරුවා ඇතුළු ඔහුගේ පාදඩ සගයන්ට ගොදුරු වුවාය.

සාරුවා රිමාන්ඩ් භාරයේ සිටින විටද බත් පැකට් එකට සහ අරක්කු බාගෙට එලියට බැස්ස ඔහුගේ

ආධාරකරුවන් සරුවා නිදහස් කරන ලෙස උද්ගෝෂණය කළහ. ඒ උද්ඝෝෂකයන් අතර කාන්තාවන්ද සිටි අතර ස්ත්‍රී දුෂණය ගැන ලංකාවේ පවතින පසුගාමී ආකල්ප ද ඉන් නිරූපනය විය.

මෙම උද්ඝෝෂණ සිද්ධි වලින් පසුව දියණියගේ පියා තම ජීවිත ආරක්ෂාව පතා ප්‍රදේශයෙන් පලා යාමට සිදු විය. මෙසේ විවිධාකාරයේ පීඩන වලට මුහුණ දුන් සරුව විසින් බිලිගත් ලාබාල දැරිය පසුගිය දෙසැම්බර් මාසයේ වස පානය කිරීමෙන් දිවි නසාගෙන තිබේ. මේ නිසා ස්ත්‍රී දූෂක සාරුවාට නීතියේ හිඩැස් අතරින් ගැලවී යාමට දැන් ඉඩකඩ සැලසී තිබේ.

නමුත් මේ අපරාධය සහ අසාධාරණයට එරෙහිව ලංකාවේ සමාජය තුලින් බලවත් හඬක් නැගෙන්නේ නැත. මෙය රෝගී වූ නිර්වින්ධිත සමාජයකි. එවැනි සමාජයක දේශපාලන බලයක් ඇති සාරුවා යනු වීරයෙකි. ලංකාවේ මිනිසුන් නිර්භයා වෙනුවෙන් පෙනී සිටින්නේ නැත , ඔවුන් බොහෝ දෙනෙකු සාරුවා වෙනුවෙන් පෙනී සිටිති.

මෙම සංසිද්ධිය අතීතයේ ද අප දැක තිබේ. ලාබාල දැරියක් දූෂණය කල දුමින්ද සිල්වාට නීතියෙන් ගැලවී යාමට ඉඩ ලැබුනා පමණක් නොව ඔහුට චන්දය දීමටද ලංකාවේ මිනිසුන් පෝලිමේ ගියහ. මිනුවන්ගොඩ ප්‍රියදර්ශනී දුෂණය කල මුද්දරගම ජේ .ඩී .සී ජයසිංහ නොහොත් කුකුල් චාලි අද ලංකාවේ රාජ්‍ය භාෂා කොමසාරිස් ය.

දේශපාලන බලය හිමි සරුවා විසින් තලා දැමු මල් කැකුල පිළිබඳව නන්දා මාලිනී ලා ගීත ගයන්නේ නැත, සුනිල් ආරියරත්නලා ගීත ලියන්නේ නැත. ඇය ගැන හෙළයේ මහා කලාකරුවන් වන සෝමරත්න දිසානායක, ජැක්සන් ඇන්තනි ලා සමාජය අවධි කිරීමට ශෝක නිර්මාණ කරන්නේ නැත.

අවම වශයෙන් බොරුවට කාන්තා අයිතීන් ගැන කිඹුල් කඳුළු සලන කාන්තා සංවිධාන වත් පෙරට එන්නේ නැත. එවැනි දේශයක ලංකාවේ නිර්භයාගේ දුක්බර අවසානය ගැන කථා කිරීමට කිසිවෙකු නැත. ඇය ළමා වියේදීම සමාජ අසාධාරණයන්ට ලක්ව මිළිනව ගියාය.

අමිල ගුණරත්න 


Related Posts Plugin for WordPress, Blogger...



__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su