Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


‘පෝරකයෙන් අවසන් වූ රෝයල් පාක් පෙම් වියරුව’ මියුසික් වීඩියෝවකට නැගේ..

මිනීමැරුම් නඩුවක විත්තිකරුවකුට මහාධිකරණය නියම කළ සිර දඬුවමක්‌ අහෝසි කර ඒ වෙනුවට මරණ දඬුවමක්‌ නියම කළ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ පළමු වතාව වූ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණයේදී

ඉවෝන් ජොන්සන් නමැති තරුණියක මරාදැමීමේ වරදට ශාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ (26) නමැත්තා වරදකරු බවට තීන්දු කළ අභියාචනාධිකරණය පසුගිය වසරේ ජුලි මස 11 වැනිදා ඔහුට මරණ දඬුවම නියම කෙළේ ය.
එම මිනී මැරුම සාවද්‍ය නොවන මිනී මැරුමක් බවට තීරණය කර විත්තිකරුට වසර 12 බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ රුපියල් පනස්දහසක දඩ මුදලක් නියම කරමින් 2006 වසරේ දෙන ලද

මහාධිකරණ තීන්දුව බල රහිත කරන ලදි..

චුදිත විසින් ඉවෝන් නමැත්තිය ඝාතනය කරද්දී ඔහුට ඇය ඝාතනය කිරීමේ චේතනාව තිබූ බව පැහැදිලි යැයි විනිසුරු මඬුල්ල තීන්දු කළහ. ඒ අනුව ඇත්නනි ජූඩ් ෂර්මන්ත නමැත්තාට මරණ දඬුවම නියම කළ අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවක හුස්‌ම හිරවන තුරු චූදිත එල්ලා මරා දමන ලෙස තීන්දු කළහ.

තවමත් නව යෞවන වියේ පසුවන පෝරකය දෑස මානයේ ජීවත් වන ෂර්මන්තට මෙම දඬුවමට එරෙහිව තවත් බලාපොරොත්තුවක්‌ ඉතිරි වී ඇත. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයයි.

මීට වසර ගණනාවකට පෙර සිදුවූ රෝයල් පාක් හි සුන්දර ප්‍රේම වෘතාන්තය මිනී මරුමක් වූ ‍ශෝචනීය බේදවාදචකින් අවසන් වූ හැටි මේ වන විට මියුසික් වීඩියෝවක පරිවර්තනය කර ඇත.

‘බඹර නාදේ’ නැමති මෙම ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායක තරු යුවලක් වන බාචී සූසාන් සහ ශානිකා මදුමාලි විසිනි.

මියගිය ඉවෝන්ගෙත් ඇය මරා දැමු ෂර්මන්තගේත් තම සොයුරිය නැති දුකින් තැවෙන කරලැයින්ගේත් සුන්දරව ගෙවි ගිය ජීවිත මත්පැන් රාත්‍රී සමාජ ශාලා වල කරක් ගසන ජාත්‍යන්තර පාසල් සංස්කෘතිය හමුවේ ‍‍‍ඛේදවාචකයක් වූ අයුරු මෙම වී‍ඩියෝව නරඹන අප මතකයට යළි  නැගෙයි.

පෝරකයෙන් අවසන් වූ රෝයල් පාක් පෙම් වියරුවේ ඇතුල් පැත්ත



__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su