Resh3neg Lanka News [Sinhala Edition]

1st in News Broadcasting
Su Su

Advertisements

Latest Post

Recent Posts-English Edition

Sinhala for you!

Powered by Blogger.


උතුරුමැද පළාත්සභා මැතිවරණයේ ප‍්‍රචාරක කටයුතු සඳහා රජයේ වාහන 200 කට වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇතැයි ”අපි පුරවැසියෝ” සංවිධානය කියයි.
අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාත්මක සිවිල් සංවිධාන ගණනාවකින් සමන්විත ”අපි පුරවැසියෝ” සංවිධානය කැඳවුම්කරුවෝ දෙදෙනෙක් පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ පැවසූහ.

උතුරුමැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කැබ් රථ 9 ක් හා පළාත් සභාව අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල වාහන 75 ක් ද ඊට යොදාගෙන ඇතැයි කී කැඳවුම්කරු ප‍්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා කැබ් රථ 9 ක වාහන අංකද සඳහන් කළේය. ඊට අමතරව ගරාජ් අංක සහිත රජයේ වාහන 10 ක්ද යොදවා ඇතැයි කියා සිටියේය.
රජයේ සේවකයින්ද නිවාඩු නිකේතනද කාර්යාල හා ඉඩම්ද රජයේ මැතිවරණ අපේක්ෂකයන් ප‍්‍රවර්ධනය සඳහා යොදා ගැනීමේ අවස්ථා ඇතැයිද ඔහු කියයි.
එම සංවිධානයේ ටෙරන්ස් ගාමිණී, සමන්ත ඈපා, එම්.ඞී. සිරිසේන සහ ජයතිලක බණ්ඩාර යන කැඳවුම්කරුවෝද මේ සාකච්ඡාවට එක්වූහ.
මහජන දේපල මෙවැනි දෙයට භාවිතා කිරීමේ ඊළඟ පියවර වන්නේ රජයේ බදු බර වැඩිවී බඩු මිල ඉහළ යාම බවද ඔවුහූ පෙන්වා දුන්හ.

__________________________
©2010-2013 Resh3neg Lanka NewsEmail : resh3neg@gmail.com
Advertising - Contact Here
tel - +94312242141
Privancy Policy - View Here
Editor - Contact here
facebook-resh3negpicblogcom
Google+ - resh3neg
All the content on this website is copyright protected.

Like Us on Facebook

Photo Gallery

Advertisements

Send Us News

Su