13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජන මත විමසුමක් පවත්වන ලෙස ජාතික නිදහස් පෙරමුණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. එම පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දී තිබේ.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගෙන රට බලවත් දේශපාලන අනතුරකට යොමුවෙමින් පවතින බව එයින් පෙන්වා දී ඇත.
දිවිනැඟුම පනත පළමුවර පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඊට අදාළ පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව සැලකිල්ලට යොමුකිරීමේ දී මෙම අනතුර වටහා ගත හැකි බව අදාළ ලිපියේ සඳහන් වේ.
එම නිසා කඩිනමින් මෙම ගැටලුව මහජනතාව හමුවට ඉදිරිපත් කර ජන මත විමසුමකින් ලැබෙන ජන අනුමැතියට යටත්ව කටයුතු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණ අදාළ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.
